logo

02

E   |     |  

 දිනය: 2020-10-06   පිළිතුර ලබා දී ඇත 

0010/2020: චීන වරායේ පිහිටි තෙල් ටැංකි: බදු දීම

10/2020

ගරු හේෂා විතානගේ මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       චීන වරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය බණ්ඩාරනායක පාලන කාලයේදී ස්ටර්ලින් පවුම් 250,000ක් ගෙවා රජයට පවරා ගනු ලැබූ බවත්;

             (ii)       ඉන් කොටසක් මේ වනවිට ඉන්දියාවට බදු දී ඇති බවත්;

(iii) එම ඉතිරි වී ඇති තෙල් ටැංකිද ඉන්දියාවට බදු  දීමට තීරණය කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එම ඉතිරි වී ඇති තෙල් ටැංකි ඉන්දියාවට බදු දෙනවා හැර වෙනත් ඵලදායි  විකල්පයක් නොමැත්තේද;

(ii) එම තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට එරෙහිව ජනමතයක් රට තුළ ගොඩ නැගී ඇති බැවින්, එම ජනමතයට කන්දීමක් ලෙස ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;  

(iii) එම තෙල් ටැංකි ඉල්ලා ඇති රටවල් සහ ඉල්ලා ඇති පදනම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නිදහසින් පසු අද දක්වාම පැවති විවිධ රජයන් සහ වර්තමාන රජය විසින් මෙම තෙල් ටැංකි සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සහ ව්‍යාපෘති වාර්තා ඇත්නම්, ඒවායේ පිටපතක් බැගින් ලබා දෙන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-06

අසන ලද්දේ

ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)       ඉන්දියාවට බදු දී නොමැත.

             (iii)      අදාළ නොවේ.   

(ආ)         (i)      අදාළ නොවේ.

              (ii)      අදාළ නොවේ.

             (iii)      අදාළ නොවේ.

(ඇ)     මෙම ටැංකි යළි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා ගැනීමට අදාළ සමාගම සමඟ සාකච්ඡා අරඹා ඇති බැවින්, සාකච්ඡා අවසන් වූ පසු සියලු තොරතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බලාපොරොත්තු වෙමි.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks