පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
9/2020
ගරු හේෂා විතානගේ මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් —
(i) කාර්මික ජනපද සංඛ්‍යාව;
(ii) බිම් ඒකක සංඛ්‍යාව;
(iii) කාර්මික ජනපදවල ක්‍රියාත්මක වන කර්මාන්තශාලා සංඛ්‍යාව;
(iv) කාර්මික ජනපදවල සේවා නියුක්තයන්ගේ සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2017 වර්ෂයේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් මධ්‍යම පළාත වෙනුවෙන් —
(i) ස්වයං රැකියා ප්‍රවර්ධනය උදෙසා සිදු කළ වැඩසටහන්;
(ii) එම වැඩසටහන පැවැත් වූ ස්ථාන;
(iii) ලබා දී ඇති උපකරණ;
(iv) ප්‍රතිලාභීන් තෝරාගත් පදනම;
(v) සිදු කරනු ලැබූ තාක්ෂණික පුහුණු වැඩසටහන්;
කවරේද යන්නත් එතුමා වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) වර්තමානය වනවිට අන්තර්ජාලය ඔස්සේ විද්‍යුත් ව්‍යාපාර සිදුකිරීමේ හැකියාව ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන පුද්ගලයන් සඳහා ද විවෘතව පවතින නමුත්, ඒ සඳහා අවශ්‍ය දැනුම ප්‍රමාණවත් පරිදි ලබා දී නොමැති බව පිළිගන්නේද;
(ii) මෙම දැනුම විධිමත්ව ලබාදීමට කටයුතු කරන්නේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-06
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කාර්මික ජනපද සංඛ්‍යාව - 18
(ii) බිම් ඒකක සංඛ්‍යාව - 755
(iii) කාර්මික ජනපදවල ක්‍රියාත්මක වන කර්මාන්තශාලා සංඛ්‍යාව - 299
(iv) කාර්මික ජනපදවල සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව - 9,030
වැඩිදුර තොරතුරු ඇමුණුමෙහි ඇතුළත් වේ.
(ආ) (i) (ii) (iii) (iv) (v) පිළිතුරු ඇමුණුමෙහි පිටු අංක 02-07හි වගුගත කොට දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ඇ) (i) ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් 2018 වසරේදී ග්‍රාමීය ප්‍රදේශවල සිටින්නන් ඇතුළුව ව්‍යවසායකයන්හට විද්‍යුත් ව්‍යාපාරකරණය පිළිබද වැඩසටහන් දෙකක් සාර්ථකව නිම කර ඇත.
(ii) ඉදිරියේදී මෙම දැනුම දිස්ත්‍රික් මට්ටමින් ප්‍රචලිත කිරීම හා ග්‍රාමීය ප්‍රදේශවාසීන් අතර ව්‍යාප්ත කිරීම සඳහා ලංකා කාර්මික සංවර්ධන දිස්ත්‍රික් කාර්යාල මඟින් ඉහත සඳහන් කළ පරිදි වැඩසටහන් පැවැත්වීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-01-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විමල් වීරවංශ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks