බලන්න

04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0103/2020: Meeriyabadda Earth Slip Tragedy 2014

103/2020

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2014 වර්ෂයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ, මීරියබැද්ද නායයෑමෙන්,

   (i)      මියගිය සංඛ්‍යාව කොපමණද;

 (ii)        ආබාධිත වූ සංඛ්‍යාව කොපමණද;

(iii) විපතට පත් පුද්ගලයන්ට රජය විසින් ගෙවන ලද මුළු වන්දි මුදල කොපමණද;

(iv) මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රජය විසින් ගෙවන ලද වන්දි මුදල කොපමණද;

(v) හානියට පත් නිවාස වෙනුවෙන් ගෙවන ලද උපරිම සහ අවම වන්දි මුදල කොපමණද;

(vi) අවතැන් වූ සියලුම දෙනාට ස්ථිර නිවාස ලබා දී තිබේද;

 (vii) අවතැන් වූ පවුලකට ස්ථිර නිවාසයක් ලබා දුන් ආසන්නතම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-05

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks