01

E   |     |  

 දිනය: 2020-02-06   පිළිතුර ලබා දී ඇත 

0012/2020: කංසා නීති විරෝධි වගාව සහ ආනයනය: අවම කිරීම

12/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2016 හා 2017 යන වර්ෂයන්හිදී කංසා මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් අත්අඩංගුවට පත් දිස්ත්‍රික්ක මොනවාද;

(iii) 2016 හා 2017 යන වර්ෂයන්හිදී කංසා වැරදි සඳහා අත්අඩංගුවට පත්වීමේ ප්‍රවනතාවය ජනගහනයෙන් ලක්ෂයකට පුද්ගලයන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) නීති විරෝධී ලෙස කංසා වගා කර ඇතැයි සැලකෙන ඇස්තමේන්තුගත ඉඩම් ප්‍රමාණය කොපමණද;

(ii) නීති විරෝධී ලෙස වර්ෂයකට මෙරටට ආනයනය කරනු ඇතැයි සැලකෙන ඇස්තමේන්තුගත කංසා ප්‍රමාණය කිලෝ කොපමණද;

(iii) කංසා වගා කිරීම හා ආනයනය කිරීම අවම කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

(iv) එසේනම්, එම ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)     

වර්ෂය

අත් අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව

2016

47,787

2017

51,788

              (ii)     

අනු අංකය

දිස්ත්‍රික්කය

අත් අඩංගුවට ගත් පුද්ගලයන් ගණන

01

කොළඹ

38,922

02

මාතර

  7,344

03

ගම්පහ

  7,403

04

මහනුවර

  6,695

05

කුරුණෑගල

  5,137

(iii) 2016 ජනගහනය මිලියන 21.2 (දළ වශයෙන්) - 225

2017 ජනගහනය මිලියන 21.4 (දළ වශයෙන්) - 242

(ආ) (i) මෙය නීති විරෝධිව සිදු කරන කටයුත්තක් බැවින් සංගණනය කර නොමැත.

(ii) නීති විරෝධිව සිදු වන ජාවාරමක් වන බැවින් මෙරටට ආනයනය කරනු ලබන ඇස්තමේන්තුගත කංසා ප්‍රමාණය නිවැරදිව දැක්විය නොහැකි වුවත්, 2016, 2017, 2018, 2019 වර්ෂවල අත් අඩංගුවට ගත් කංසා කිලෝග්රෑම් ප්‍රමාණයන් පහත පරිදි වේ.

අනු අංකය

වර්ෂය

අත් අඩංගුවට ගත් කංසා ප්‍රමාණය (කිලෝග්රෑම්)

01

2016

කිලෝ 4,174 ග්රෑම් 508

02

2017

කිලෝ 5,559 ග්රෑම්789

03

2018

කිලෝ 4,778 ග්රෑම් 752

04

2019

කිලෝ 7,078 ග්රෑම් 527

(iii) ඔව්.

(iv)

  • ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් යොදවා, කංසා වගා කරන ස්ථාන ආවේක්ෂණය කිරීම.
  • ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක බලකා නිලධාරින් යොදවා සෝදිසි කිරීම.
  • පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නීති විරෝධී මුහුදු මාර්ගවලින් කංසා රැගෙන ඒම වැළැක්වීමට ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීම.
  • ප්‍රාදේශීය පොලිස් ස්ථාන සහ වැටලීම් ක්‍රියාත්මක කරන ආයතන නිලධාරින් යොදවා මෙහෙයුම් දියත් කිරීම.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2020-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks