පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
966/’19
ගරු බිමල් රත්නායක මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මඟින් අංක 2037/16 හා 2017.09.21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළ බවත්;
(ii) එමඟින් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ වූ නියමය පරිදි රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයක් පිහිටුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කළ බවත්;
(iii) මේ සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළද මෙතෙක් ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන නැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම සම සෞඛ්‍ය විද්‍යා පීඨය පිහිටුවීම සඳහා අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කර තිබේද;
(ii) එසේ නම්, එම මුදල කොපමණද;
(iii) ඒ අනුව මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-23
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
(ii) රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයක් පිහිටුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත. විස්තර ඇමුණුම 01හි සඳහන් වේ. ඇමුණුම සභාගත* කරමි.
(iii) රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය ඉදිකිරීමට අදාළව ප්‍රසම්පාදන කටයුතු (ලංසුපත් පිළියෙල කිරීම) මේ වනවිට සිදු කරමින් පවතී.
(ආ) (i) ඔව්.
2018.09.11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹි අංක. අමප/18/2049/824/024 හා 2018.09.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, 2020-2023 අය වැය රාමුව මඟින් ලබා දීමට තීරණය කර ඇත. විස්තර ඇමුණුම 02හි සඳහන් වේ. ඇමුණුම සභාගත* කරමි.
(ii) රුපියල් මිලියන 1,660ක්.
(iii) ව්‍යාපෘතියට අදාළව ලංසු පත් පිළියෙල කෙරෙමින් පවතින අතර, ප්‍රසම්පාදන කටයුතු අවසන් වූ වහාම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks