01

E   |     |  

 දිනය: 2019-08-09   පිළිතුර ලබා දී ඇත 

0881/2019: වියළි මිරිස් නිෂ්පාදනය: අනුරාධපුර දිස්ත්‍රික්කය

881/’19

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ ‍දේශීය වියළි මිරිස් වගාවේ ස්වර්ණමය යුගය දිවංගත  අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ යුගය බව පිළිගන්නේද;

             (ii)      මිරිස් ගොවීන් මිරිස් වගාවෙන් ඉවත් වීම හේතුවෙන් වියළි මිරිස් නිෂ්පාදනය බරපතළ ලෙස කඩා වැටුණු බව පිළිගන්නේද;

(iii) අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ මිරිස් වගාව නැවතත් දියුණු කිරීම සඳහා පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-09

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

*     සභාමේසය මත තබන ලද පිළිතුර:

*      சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

*      Answer tabled:

(අ)           (i)      ඔව්.

              (ii)      මිරිස් නිෂ්පාදනය අඩු වීම පසුගිය දශක 2ක පමණ සිට ක්‍රමයෙන් සිදු වූ අතර, මෙයට බලපෑ ප්‍රබල හේතු කිහිපයක් ඇත.

                        1.       මිරිස් කොළකොඩ වීමේ රෝගය උත්සන්න වී අස්වැන්න අඩු වීම.

                        2.       දේශගුණික විචල්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස ජලහිඟතාවය.

                        3.       දේශීය මිරිස් නිෂ්පාදන පිරිවැය ආනයනික මිරිස් මිලට වඩා ඉහළ බැවින්, ගොවීන් අධෛර්යයට පත්වීම.

(iii) ඔව්.

I. මිරිස් වගාව සඳහා බලපාන ප්‍රධාන ප්‍රශ්නය වන ජල හිඟතාවට පිළියම් ලෙස විසුරුම් ජල පද්ධති ගොවීන් වෙත සහනදායී ක්‍රමවේදයකට ලබා දීම.

II. මහඉලුප්පල්ලම පර්යේෂණ ආයතනය මඟින් ඉහළ අස්වැන්නක් හා රෝග තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දෙන දෙමුහුම් මිරිස් ප්‍රභේද 02ක් (MI CH  HY I  සහ MICHHY2) ගොවීන් අතර ප්‍රචලිත කිරීම.

III. හෙක්ටෙයාරයකට ටොන් 45ක අස්වැන්නක් ලබා ගත හැකි වගා තාක්ෂණ කට්ටලයක් හඳුන්වා දීම.

IV. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහඉලුප්පල්ලම පර්යේෂණ ආයතනය මඟින් නිපදවා ඇති දෙමුහුම් බීජවල මව්පිය පෙළපත් හා අවශ්‍ය බීජ නිෂ්පාදන තාක්ෂණය අදාළ නිෂ්පාදකයන්ට ලබා දීමට කටයුතු කිරීම. මෙමඟින් 2019 වසර තුළ දෙමුහුම් බීජ කිලෝ ග්‍රෑම් 2000ක් නිපදවීමට අපේක්ෂා කරයි.

V. දේශීය වියළි මිරිස් නිෂ්පාදන පිරිවැය ආනයනික මිරිස්වලට වඩා ඉහළ බැවින්, දේශීය වියළි මිරිස් 1kg සඳහා ගොවීන් හට අවම සහන මිලක් ලෙස රු.350/-ක මිලක් ලබා දීම නිර්දේශ කිරීමට කටයුතු කිරීම.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks