01

E   |     |  

 දිනය: 2019-08-08   පිළිතුර ලබා දී ඇත 

0880/2019: වියළි මිරිස් නිෂ්පාදනය: විස්තර

880/’19

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ වාර්ෂික පරිභෝජනය සඳහා අවශ්‍ය වියළි මිරිස්  ප්‍රමාණය කොපමණද;

             (ii)      එම ප්‍රමාණය සපුරා ගනු ලබන ආකාරය කවරේද;

           (iii)      දේශීය නිෂ්පාදනයෙන් පමණක් අවශ්‍ය මිරිස් ප්‍රමාණය ලබා ගත නොහැකි බව  පිළිගන්‍‍නේද;

(iv) වර්ෂ 2013 සිට 2018 දක්වා දේශීය වශයෙන් වගා කරන ලද මිරිස් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වර්ෂ 2013 සිට 2017 දක්වා වෙළෙඳපොළට සැපයූ දේශීය වියළි මිරිස් ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) මෙම කාලය තුළ සැපයුමේ අඩුවීමක් හෝ වැඩිවීමක් පෙන්නුම් කරන්නේද;

(iii) අඩු වීමක් නම්, එය වර්ධනය කරගැනීමට පියවර ගන්නේද;

 

 

 (iv) වැඩි වීමක් නම්, එය වැඩි දුරටත් දියුණු කිරීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-08

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙට්‍රික්ටොන් 55,811ක් පමණ වේ.

              (ii)      වාර්ෂික පරිභෝජනයෙන් සියයට 12ක් පමණ නිෂ්පාදනය කරන අතර සියයට 88ක් පමණ ආනයනය කරනු ලැබේ.

             (iii)      ඔව්.

(iv)       ඔව්. 

 

වර්ෂය

මහ (ටොන්)

යල (ටොන්)

වාර්ෂික (ටොන්)

2013

49,663

22,357

72,020

2014

51,648

20,119

71,767

2015

42,831

20,035

62,866

2016

50,717

21,594

72,311

2017

30,690

21,137

51,827

2018

50,289

28,714

79,003

(ආ) (i) 

 

වර්ෂය

දේශීය වියළි මිරිස් නිෂ්පාදනය (ටොන්)

2013

10,379

2014

  8,518

2015

  5,508

2016

  5,045

2017

  5,009

2018

  4,449

 

(ii)  අඩුවීමක් ඇත.

(iii)  ඔව්.

(iv)   වාර්ෂිකව දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය වියළි මිරිස් ප්‍රමාණය ලබා ගැනීමට හැකි ආකාරයට බෝග වගා සැලැස්මක් මත කටයුතු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. වාර්ෂිකව අවශ්‍ය වන ප්‍රමාණයෙන් දැනටමත් සපයා ගනු ලබන්නේ 12%ක් පමණ වන නිසා දිගුකාලීන සැලැස්මක් මත දේශීය පරිභෝජනයට අවශ්‍ය වියළි මිරිස් ප්‍රමාණය සපයා ගැනීමට සැලසුම් කිරීමේදී අනවශ්‍ය අතිරික්තයක් ඇති වීම පාලනය කර ගත හැකිය.

(ඇ)  අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks