පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
860/’19
ගරු වාසුදේව නානායක්කාර මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2018 මැයි මස ඇතිවූ ගංවතුර ආපදාවෙන් රත්නපුර දිස්ත්‍රික්කය තුළ ආපදාවට ලක්වූ පවුල් 6133කට අයත් පුද්ගලයන් 24,625කට සිදුවූ පූර්ණ හා අර්ධ හානි සඳහා හානිපූරණය කර තිබේද;
(ii) එසේ නම්, ඒ පිළිබඳ තොරතුරු සඳහන් කරන්නේද;
(iii) 2016 ආපදා අවස්ථාවේදී, ආපදාවට ලක් වූ ප්‍රදේශයන්හි ආපදා කාලය තුළ ජනතාවට ආරක්ෂාකාරීව සිටීමට සුරක්ෂිත මධ්‍යස්ථාන ඉදිකරන බවට කළ ප්‍රකාශය අනුව ඉදිකරනු ලැබූ මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iv) 2018 මැයි මස රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයක් පවතින අවස්ථාවේදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නියෝජිතයන් රත්නපුර දිස්ත්‍රික් ආපදා කමිටුව සමඟ කළ සාකච්ඡාවේදී නිරන්තරයෙන් ආපදාවට ලක්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයක් තුළ ස්ථානගත කර තැබිය යුතු ඔරු සංඛ්‍යාව 102ක් බව පෙන්වාදී තිබේද;
(v) එසේ නම්, එම ඔරු ලබා දී එම ස්ථානවල ඔරු ස්ථානගත කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-24
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) රත්නපුර දිස්ත්‍රික් ලේකම් විසින් යොමු කරන ලද වාර්තාව අනුව මෙම ආපදාවෙන් පූර්ණ හානි නිවාස 10ක්, අර්ධ හානි නිවාස 656ක් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ථාන හානි 42ක් වාර්තා වී ඇත.
(ii) රු. 10,000ක අත්තිකාරම් හෝ රු. 10,000ට අඩු හානි තක්සේරු වටිනාකම් ලබා දීම හා රු. 10,000ට වැඩි රු. 25,000 දක්වා වූ හානි තක්සේරු වටිනාකම් ලබා දීම පිළිබඳ විස්තර ඇමුණුම 03 මඟින් දැක්වේ.
තවද, ජාතික රක්ෂණ භාර අමුදල මඟින් 2018 මැයි මස ගංවතුර ආපදා තත්ත්වයේදී රත්නපුර දිස්ත්‍රික්කය සඳහා රු. 25,000ට වැඩි වන්දි ගෙවීම් පහත පරිදි සිදු කර ඇත.
* රු. 25,000ට වැඩි හානි තක්සේරු වටිනාකම් සහිත අයදුම්පත් සංඛ්‍යාව 314කි.
* රු. 25,000ට වැඩි වන්දි ගෙවීම් කර ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 196කි. වන්දි ප්‍රමාණය රු. 8,300,688කි.
* මේ වන විට වන්දි ලබා දී නොමැති අයදුම්පත් සංඛ්‍යාව 118කි.
* ඡායාරූප නොමැති වීම, අයිතිය තහවුරු නොවීම, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කර නොතිබීම, වන්දි ලබා දීම ප්‍රමාද වීමට හේතු වී තිබේ. නමුත්, ජාතික රක්ෂණ භාර අරමුදල වන්දි ගෙවීම් කටයුතු කරගෙන යනවා.
(iii) මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ සාදා නිමකර ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 12කි. 2019 වර්ෂය සඳහා දියුණු කිරීමට අපේක්ෂිතව ඇති සුබසාධක මධ්‍යස්ථාන සංඛ්‍යාව 04ක් වන අතර, ඒ සඳහා මේ වන විට රු.5,364,927.05ක ප්‍රතිපාදන නිකුත් කර ඇත.
(iv), (v).
2018 මැයි මස රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු වූ ආපදා තත්ත්වයෙන් පසු ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයට ලැබුණු මූල්‍ය ප්‍රතිපාදන මත අවස්ථා දෙකකදී ඔරු අඟුල් ලබා දීම පහත දැක්වෙන ආකාරයට සිදු කරන ලදී.
මෙයට අමතරව, ආපදා තත්ත්වයට පෙර රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ පොලීසිය වෙත පිළිවෙළින් ඔරු අඟුල් 19ක් හා 08ක් ලබා දී තිබු අතර, ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ලබා දි ඇති ඔරු අඟුල්වල මුළු එකතුව 70කි.
එසේම රත්නපුර දිස්ත්‍රික්කය තුළ ස්ථානගත කිරීම සඳහා යුධ හමුදාව, පොලීසිය හා ආපදා කළමනාකරණ ඒකකය වෙත පිළිවෙළින් බෝට්ටු 03ක්, 14ක් සහ 16ක් වශයෙන් බෝට්ටු 33ක් ලබා දී ඇති අතර, වෙනත් ආයතන මඟින් ලබා දුන් අඟුල්ද ඇතුළුව මුළු අඟුල් ප්‍රමාණය 269ක් සහ ඒවා ස්ථානගත කර ඇති ස්ථානයන් ඇමුණුම 04, 05 හා 06 මඟින් දැක්වේ.
ඉහත ඉල්ලීම සහ අනෙකුත් දිස්ත්‍රික්කවල ඉල්ලීමද සැලකිල්ලට ගෙන තවත් ඔරු අඟුල් 200ක් ලබා ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලුම් කළද, ඒ සඳහා භාණ්ඩාගාරය මඟින් අනුමැතිය ලබා දී නොමැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-05-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks