01

E   |     |  

 දිනය: 2019-07-23   පිළිතුර ලබා දී ඇත 

0854/2019: රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම්වලදී ඇති වන විශ්‍රාම වැටුප් විෂමතාව: නිවැරදි කිරීම

854/’19

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 ජනවාරි සිට රු.10,000/-ක විශේෂ දීමනාව රාජ්‍ය සේවක වැටුපට එකතු කර මූලික වැටුප රු.10,000/-කින් ඉහළ නැංවීම නිසාත්;

             (ii)      2016 වසරට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ගේ වැටුපට එකී මුදල එකතු නොවීම නිසාත්;

  විශ්‍රාමික රාජ්‍ය සේවක වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) අයවැය යෝජනා මඟින් නැවත වරක් රාජ්‍ය සේවක වැටුප් ඉහළ යාමෙන් එකී විෂමතාවය ඉහළ යන බැවින් එම විෂමතාවය ඉවත් කිරීමටත්;

(ii) විශ්‍රාමික රාජ්‍ය සේවකයා නිරන්තර වැටුප් විෂමතා ඉවත් කරගැනීමේ සටන්වල නිරත වීම වැළැක්වීමටත්;

(iii) රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම්වලදී ඉන් සාධාරණ ප්‍රතිශතයක් විශ්‍රාමික රාජ්‍ය සේවක වැටුපට එකතු කිරීමේ නිත්‍ය ක්‍රියා පිළිවෙතක් පැවතීමේ වැදගත්කමත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) (i) මෙම වැටුප් විෂමතාවය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

(iii) වැටුප් විෂමතාවය නිවැරදි කරනු ලබන ප්‍රතිශතය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-23

අසන ලද්දේ

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

               (ii)      ඔව්.

(ආ)          (i)      ඔව්.

               (ii)      ඔව්.

              (iii)      ඔව්.

(ඇ)           (i)      ඔව්.

               (ii)      2019.07.01 දින සිට විෂමතාව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

              (iii)      විශ්‍රාමිකයන් කාණ්ඩ රාශියක් සිටින නිසා මෙම වැඩිවීම ප්‍රතිශතයක් වශයෙන් දැක්වීම තාක්ෂණිකව අපහසු වේ. අංක 3/2016 රාජ්‍ය පරිපාලන වැටුප් චක්‍රලේඛයෙන් 2017.01.01 දිනට අදාළ වන වැටුප් පියවරට සමගාමී විශ්‍රාම වැටුප් පියවර 2017.01.01 දිනට පෙර විශ්‍රාම ගනු ලැබූ සියලු විශ්‍රාමිකයින් සඳහා ලබා දීමට 2019 අයවැය යෝජනාවක් අනුව අවශ්‍ය පියවර ගෙන ඇත.

(ඈ) පැනනොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks