පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
826 / 19
ගරු එස්. වියාලේන්ද්‍රන් මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකළපුව දිස්ත්‍රික්කයේ පුන්නක්කුඩා ප්‍රදේශය තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමක් අනවසරයෙන් අත් කර ගැනීමට එරෙහිව කොමිෂන් සභාව විසින් ගෙන ඇති පියවර කවරේද;
(ii) ඉඩම් (සන්තකය පැවරීම හා සීමාකිරීම්) පනත යටතේ කොමිෂන් සභාවට මඩකළපුව දිස්ත්‍රික්කය තුළ හිමිවිය යුතු ඉඩම් සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් ගන්නා ලද පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද අංක ADMGC(MN) 3/7 හා 2016.05.16 දිනැති ලිපිය මඟින් කර ඇති විමසීම් අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා ඉඩම් සම්බන්ධව සිදුකර ඇති නීතිවිරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව ගනු ලැබූ පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අංක MADA/75,76,77 දරන හා 2016.09.26 දින පත් කරන ලද කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර කවරේද;
(ii) අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පිහිටුවන ලද අංක CH/LRC/01 දරන හා 2017.08.10 දිනැති පරීක්ෂණ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ගනු ලැබූ පියවර කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) ඉහත (ඇ)හි සඳහන් වාර්තා මෙම සභාවට ඉදිරිපත් කිරිමට එතුමා පියවර ගන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-04-05
අසන ලද්දේ
ගරු එස්. වියාලේන්ද්‍රන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) රජයේ ඉඩම් සන්තකය ලබා ගැනීමේ පනත යටතේ නඩු පවරා ඇත.
(ii) ප්‍රකාශිත ඉඩම් ලේඛනගත කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී.
(ආ) හිටපු අධ්‍යක්ෂවරයා සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
(ඇ) (i) කමිටුව විටින් විට රැස්වී මූලික විමර්ශන කර ඇති නමුත්, අවසන් වාර්තාවක් ලබා දී නොමැත.
(ii) එම කමිටුව විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
(ඈ) විමර්ශන කටයුතු අවසන් වූ පසු අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.
(ඉ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks