පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
814/’19
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2016 සිට 2019 වර්ෂයේ මේ දක්වා,
(i) පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන ලීටරයක විකුණුම් මිලෙහි වෙනස් වීම කවරේද;
(ii) ඉහත සඳහන් එක් එක් වර්ගයේ ඉන්ධන ලීටරයක් මත පනවන ලද සියලුම බදු වර්ග කවරේද;
(iii) මෙම ඉන්ධන වර්ගයන්හි එක් ලීටරයක් සඳහා වැය වූ වියදම කවරේද;
(iv) ලෝක වෙළෙඳපොළේ මිල ගණන් සමඟ සැසඳීමේදී, එක් ලීටරයක් සඳහා ලැබූ ලාභය/පාඩුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාව තුළ සෑම මසකම ඩීසල් සහ පෙට්‍රල් විකුණුම් මිල වෙනස් වීමේ පටිපාටිය කවරේද;
(ii) එමඟින් රජය ලබන ලාභය හා පාරිභෝගිකයන්ට ලැබෙන වාසි අවාසි කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-26
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
|
Date of Effective |
Petrol 92 (Rs.) |
Petrol 95 (Rs.) |
Auto Diesel (Rs.) |
Super Diesel (Rs.) |
Kerosene (Rs.) |
|
28.11.2015 |
128.00 |
117.00 |
95.00 |
110.00 |
49.00 |
|
11.05.2018 |
148.00 |
137.00 |
109.00 |
119.00 |
101.00 |
|
13.06.2018 |
148.00 |
137.00 |
109.00 |
119.00 |
70.00 |
|
11.07.2018 |
155.00 |
145.00 |
118.00 |
129.00 |
70.00 |
|
11.08.2018 |
157.00 |
145.00 |
118.00 |
130.00 |
70.00 |
|
11.09.2018 |
161.00 |
149.00 |
123.00 |
133.00 |
70.00 |
|
11.10.2018 |
169.00 |
155.00 |
123.00 |
141.00 |
70.00 |
|
Date of Effective |
Petrol 92 (Rs.) |
Petrol 95 (Rs.) |
Auto Diesel (Rs.) |
Super Diesel (Rs.) |
Kerosene (Rs.) |
|
02.11.2018 |
169.00 |
145.00 |
116.00 |
141.00 |
70.00 |
|
16.11.2018 |
164.00 |
140.00 |
111.00 |
136.00 |
70.00 |
|
01.12.2018 |
159.00 |
135.00 |
106.00 |
131.00 |
70.00 |
|
22.12.2018 |
149.00 |
125.00 |
101.00 |
121.00 |
70.00 |
|
11.01.2019 |
147.00 |
123.00 |
99.00 |
118.00 |
70.00 |
|
12.02.2019 |
152.00 |
129.00 |
103.00 |
126.00 |
70.00 |
|
13.03.2019 |
159.00 |
132.00 |
104.00 |
134.00 |
70.00 |
|
11.05.2019 |
164.00 |
135.00 |
104.00 |
136.00 |
70.00 |
|
11.06.2019 |
164.00 |
138.00 |
104.00 |
136.00 |
70.00 |
(ii) ඇමුණුම (i) හි දක්වා ඇත.*
(iii)
|
Date of Effective |
Petrol 92 (Rs.) |
Petrol 95 (Rs.) |
Auto Diesel (Rs.) |
Super Diesel (Rs.) |
|
11.05.2018 |
84.96 |
88.22 |
84.94 |
88.31 |
|
13.06.2018 |
84.96 |
88.22 |
84.94 |
88.31 |
|
11.07.2018 |
91.20 |
93.75 |
95.70 |
96.94 |
|
11.08.2018 |
92.20 |
93.75 |
95.70 |
97.94 |
|
11.09.2018 |
96.05 |
100.20 |
99.76 |
101.19 |
|
11.10.2018 |
103.54 |
108.10 |
108.58 |
108.27 |
|
22.12.2018 |
79.52 |
82.77 |
92.01 |
93.61 |
|
11.01.2019 |
74.54 |
78.16 |
83.69 |
86.60 |
|
12.02.2019 |
79.65 |
82.97 |
92.39 |
95.29 |
|
13.03.2019 |
86.82 |
89.91 |
100.08 |
101.85 |
|
11.05.2019 |
99.15 |
102.95 |
102.27 |
103.85 |
|
11.06.2019 |
90.91 |
94.52 |
98.84 |
100.47 |
(iv)
|
|
Type |
2016 |
2017 |
2018 |
|
World Price (Rs. Per Litre) |
Crude Oil |
39.31 |
51.97 |
70.81 |
|
|
Gasoline (World Average) (Equal to Petrol Octane 95) |
113.57 |
128.39 |
147.91 |
|
|
Diesel (World Average) (Equal to Auto Diesel) |
123.76 |
140.62 |
165.22 |
Source: International Energy Agency
ලෝක වෙළෙඳ පොළ බොරතෙල් මිල මත පදනම්ව ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය අනුව මෙරට ඉන්ධන මිල තීරණය කිරීමේදී රජය විසින් ප්‍රධාන ලෙසම ලාභ ඉපැයීමට අපේක්ෂා නොකරන අතර, ඒ වෙනුවට සියලු සමාජ, ආර්ථික සාධක පිළිබඳව සලකා බලා ජීවන වියදම හා රාජ්‍ය ආදායම සැලකිල්ලට ගනිමින් ඉන්ධන මිල තීරණය කිරීමක් සිදු කරයි.
(ආ) (i) 1. අංක 18/1511/809/001-III හා 2018.07.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමේ කමිටුව පිහිටුවීම.
2. මාසිකව එම කමිටු රැස්වීම පැවැත්වීම.
3. මිල සංශෝධනය කිරීමේ කමිටුව මඟින් ඉන්ධන මිල ක්‍රමවේදය අනුව සංශෝධිත ඉන්ධන මිල ගරු මුදල් අමාත්‍යතුමා වෙත නිර්දේශ කිරීම.
4. 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ 66 වගන්තිය අනුව ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා විසින් ගරු මුදල් අමාත්‍යතුමාගේ නිර්දේශද සහිත සංශෝධිත ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම.
(ii) 1. පිරිවැය පාදක කරගත් මිල යන්ත්‍රණයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට සිදු වන ඍජු බලපෑම වනුයේ, එය දරනු ලබන අලාභය වන අතර, අවසානයේ එය බැංකු අංශයට විතැන් වනුයේ බදු ආදායමෙන් ලබන පාඩුව මහා භාණ්ඩාගාරයට වැය බරක් කරමිනි. අනතුරුව සියලුම පුරවැසියන්ට ඛනිජ තෙල් සංස්ථාවට සිදු වන අලාභය ගෙවීමට සිදු වන අතර, ඉන් පසුව එය බදු හා පොලිය මඟින් විතැන් කරනු ලබයි.
2. ඉන්ධනවලට අදාළ උපරිම සිල්ලර මිල / සහනාධාර මිල අනාගත පරම්පරාවේ පිරිවැයක් වන අතර, එය සමාජයේ පහළ සිට ඉහළ ස්ථරයන් දක්වා වක්‍රාකාරව අය කරගනු ලබන්නකි. යාබද රටවල්වල ක්‍රියාත්මක කරනු ලබන පිළිගත් ක්‍රමවේදයන් තුළින් අනාවරණය වනුයේ ඉන්ධන සඳහා වන සහනාධාර ලබා දීම, සමාජයේ පහළ ස්ථරවල සිටින ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා වන සාර්ථකම උපාංගයක් නොවන අතර, ඉලක්කගත හඳුනා ගැනීම තුළින් එය යොමුගත කළ යුතු බවයි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-07-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks