01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0813/2019: Internal and External graduates called for interviews

813/’19

ගරු ටී. රංජිත් ද සොයිසා  මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රැකියා විරහිත උපාධිධාරින් සම්මුඛ පරීක්ෂණයක් මඟින් රජයේ ආයතනවල අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවා ගැනීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කරන ලද පුවත්පත් දැන්වීමකට අනුව, ඒ සඳහා අයදුම්පත් යොමු කළ උපාධිධාරින් සංඛ්‍යාව කොපමණද;

(ii) එම සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි උපාධිධාරින් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද; 

(iii) සම්මුඛ පරීක්ෂණයෙන් පසුව පුහුණුව සඳහා බඳවා ගන්නා ලද උපාධිධාරින් සංඛ්‍යාව කොපමණද;   

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අදාළ පුහුණුව සඳහා බඳවා ගැනීමේදී උපාධිධාරින් බාහිර හා අභ්‍යන්තර උපාධිධාරින් වශයෙන් වර්ගීකරණයක් සිදු කර තිබේද;

(ii) එසේ නම්, බඳවා ගත් බාහිර උපාධිධාරින් සංඛ්‍යාව සහ අභ්‍යන්තර උපාධිධාරින් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) බාහිර උපාධිධාරින් සඳහා පත්වීම් ලිපි ලබා දීමේදී ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වූයේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-25

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks