පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
757/’19
ගරු රොෂාන් රණසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2019.01.01 සිට 2019.01.31 දක්වා කාලය තුළ සීමාසහිත GSMB තාක්ෂණික සේවා පුද්ගලික සමාගම හරහා මනම්පිටිය වැලි තොටුපොළින් නිකුත්කර ඇති වැලි කියුබ් ප්‍රමාණය කොපමණද;
(ii) GSMB සමාගම හරහා දෛනික වැලි නිකුත් කිරීමේ ප්‍රමුඛතාවය (ටෝකන් ලබාදීම) ලබාදීම සිදුවන්නේ කෙසේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) GSMB සමාගමෙන් මනම්පිටිය වැලි තොටුපොළ වෙනුවෙන් දෛනිකව සහ මාසිකව රජයට ලැබෙන ආදායම කොපමණද;
(ii) වර්ෂ 2013 සිට 2018 දක්වා කාලය තුළ GSMB සමාගම හරහා රජයට ලැබුනු සමස්ත ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම මුදල් බැර වන ගිණුම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-04-02
අසන ලද්දේ
ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2019 ජනවාරි මාසයට අදාළව මනම්පිටිය වැලි තොටුපොළින් නිකුත් කර ඇති වැලි කියුබ් ප්‍රමාණය 26,622.5ක් වන බව ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් (පුද්) සමාගම විසින් වාර්තා කර ඇත.
(ii) මනම්පිටිය වැලි කැනීම් ව්‍යාපෘතියේ පවතින මංකඩ 205 අතුරින් මංකඩ 35ක වැලි ඍජුවම ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් (පුද්)සමාගම වෙත ලියා පදිංචි කම්කරුවන් ගොඩදමන අතර, ඉතිරි මංකඩ 170 සඳහා කම්කරුවන් සැපයීමේ ප්‍රමුඛතාව මත වැලි ගොඩදැමීමට අවස්ථාව ලබා දී ඇති බව ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් (පුද්) සමාගම විසින් වාර්තා කර ඇත.
(ආ) (i) ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් (පුද්) සමාගම විසින් වාර්තා කර ඇති පරිදි මනම්පිටිය වැලි තොටුපළ මඟින් 2019 ජනවාරි මාසය පදනම්ව රජයට ලැබිය යුතු ආදායම පහත පරිදි වන අතර, අදාළ දෛනික හා මාසික ආදායම ඇමුණුම 01* ලෙස ඉදිරිපත් කරමි.
කියුබ් ප්‍රමාණය රේටය වටිනාකම
දිඹුලාගල ප්‍රාදේශීය සභාව 15342.25 50.00 767,112.50
තමන්කඩුව ප්‍රාදේශීය සභාව 11294.25 50.00 564,712.50
පොළොන්නරුව සංවර්ධන
අරමුදලට 26636.5 100.00 2,663,650.00
වනජීවී සංරක්ෂණ
දෙපාර්තමේන්තුව 26622.5 230.00 6,123,175.00
භූ විද්‍යා සමීක්ෂණ හා පතල්
කාර්යාංශය 26622.5 375.51 9,996,940.43
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
- එකතු කළ අගය මත බද්ද 15% 9,868,121.59
- ජාතිය ගොඩනැගීමේ බද්ද 2% 1,315,749.55 31,299,461.57
(ii) වර්ෂ 2013 සිට 2018 දක්වා කාලය තුළ GSMB සමාගම හරහා රජයට ලැබුණු සමස්ත ආදායම ඇමුණුම (02)* ලෙස ඉදිරිපත් කරමි.
(iii) ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් (පුද්) සමාගම හරහා රජයට ලැබෙන ආදායම් ගෙවීම් කිරීමේදී අදාළ ආයතන නමින් චෙක්පත් නිකුත් කරන බවත්, මෙම වැලි ව්‍යාපෘතිය මඟින් සමාගමට මුදල් තැන්පත්වීම් පහත ගිණුම් තුන හරහා සිදුවන බවත් ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් (පුද්) සමාගම විසින් වාර්තා කර ඇත.
සම්පත් බැංකුව ජංගම ගිණුම් අංක 001710004982
මහජන බැංකුව ජංගම ගිණුම් අංක 337100140000881
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ජංගම
ගිණුම් අංක 100270004596
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks