පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
755/’19
ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා,— ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2010 - 2018 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන ලද ගම්මිරිස් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉන්දියාවට ගම්මිරිස් අපනයනය කිරීමේදී බලපත්‍ර නිකුත් කිරීමේ බලය පවරා ඇති නිලධාරියා කවුරුන්ද;
(iii) ශ්‍රී ලංකාවට ගම්මිරිස් ආනයනය කරන්නේද;
(iv) එසේ නම්, එම ආනයනය සඳහා බලපත්‍ර ලබා දුන් නිලධාරියාගේ සහ ආනයනකරුවන්ගේ නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවේ වාර්ෂික ගම්මිරිස් නිෂ්පාදනය කොපමණද;
(ii) වර්ෂ 2010 සිට 2018 දක්වා කාලය තුළ ලෝක වෙළඳපොළේ උපරිම ගම්මිරිස් මිල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-04-02
අසන ලද්දේ
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 2010 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන ලද ගම්මිරිස් ප්‍රමාණයන් පහත වගුවේ දක්වා ඇත.
|
වර්ෂය |
ප්‍රමාණය (මෙට්‍රික් ටොන්) |
වටිනාකම (රුපියල් මිලියන) |
|
2010 |
6,430.6 |
2,720.2 |
|
2011 |
3,051.1 |
2,338.5 |
|
2012 |
5,123.8 |
4,630.8 |
|
2013 |
7,272.1 |
5,846.9 |
|
2014 |
5,235.7 |
6,616.2 |
|
2015 |
9,068.7 |
11,575.3 |
|
2016 |
4,801.1 |
6,929.4 |
|
2017 |
11,040.6 |
9,706.3 |
|
2018 |
10,473.4 |
9,379.7 |
(මූලාශ්‍රය : ශ්‍රී ලංකා රේගුව)
(ii) එලෙස බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැත. නමුත් ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන අංශයෙන් සහතිකයක් සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතයක් බවට සහතිකයක් අවශ්‍යයි - country of origin.
(iii) 2017 වර්ෂයෙන් පසුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ගම්මිරිස් ආනයනය සඳහා විරෝධතාවක් නොමැති බවට - no objection letter - ලිපි ලබා දී නොමැත. (අනුමැතිය ලබා දී නැත.)
2017 වර්ෂයේ වියට්නාමයේ විශාල ගම්මිරිස් අස්වැන්න ලැබීම නිසා ලෝක වෙළෙඳ පොළේ ගම්මිරිස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකන් ඩොලර් 10,500 සිට 4,500 දක්වා අඩු විය. ඒ නිසා දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගන්නා ලදී.
(iv) අදාළ නැත.
(ආ) (i)
|
වර්ෂය |
නිෂ්පාදනය (මෙට්‍රික්ටොන්) |
|
2010 |
17,2016 (මෙහි ඉලක්කමක් වැරදියට සඳහන් වෙනවා.) |
|
2011 |
10,834 |
|
2012 |
18,604 |
|
2013 |
28,686 |
|
2014 |
18,660 |
|
2015 |
27,233 |
|
2016 |
18,476 |
|
2017 |
29,546 |
|
2018 |
20,135 |
(මූලාශ්‍රය: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව)
(ii) ලෝක වෙළඳ පොළේ ගම්මිරිස් සඳහා වන මිල -උපරිම මිල තමයි ඔබතුමා අසා තිබෙන්නේ.- (ඇමෙරිකානු ඩොලර්/ මෙට්‍රික්ටොන්)
|
වර්ෂය |
මිල (ඇමෙරිකානු ඩොලර්/ මෙට්‍රික්ටොන්) |
|
|
2010 |
5,200.00 |
|
|
2011 |
11,500.00 |
|
|
2012 |
7,766.57 |
|
|
2013 |
8,775.00 |
|
|
2014 |
10,000.00 |
|
|
2015 |
10,885.00 |
|
|
2016 |
10,885.00 |
|
|
2017 |
10,885.00 |
|
|
2018 |
7,500.00 |
|
|
2019 |
5,000.00 |
පෙබරවාරි මාසය දක්වා |
(මූලාශ්‍රය: The Public Ledger සඟරාව)
මේ උපරිම මිලයි. නමුත් වියට්නාමයේ එම මිල ඩොලර් 2,200 දක්වාත් පහත බැස්සා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-04-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දයා ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks