පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
753/’19
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට සහාය දීම හේතුවෙන් ආරක්ෂාව සැලසිය යුතු බවට අධිකරණ නියමයක් ලැබී ඇති සත්‍ය ගවේශකයෝ සංවිධානයේ ඉංජිනේරු නිශාන්ත ද අල්විස් මහතාට මෙතෙක් ආරක්ෂාව ලබා නොදීමට හේතුව කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-22
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) මෙම පුද්ගලයා විසින් කර ඇති වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ගම්පොල හා මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකක මඟින් පවත්වාගෙන යන ලද ගම්පොල ම/උ 93129, 96729, මහනුවර ම/උ බී 35070/15, 13447/16 දරන නඩු සඳහා වරෙන්තු නිකුත් වී ඇත.මොහු විසින් දක්වා ඇති පරිදි බී 24256/11 දරන නඩුවේ සැකකරුවන්ගෙන් මොහුට ජීවිත තර්ජනයක් ඇති බවට අනාවරණ වී නොමැත. එසේම, ඇතිවන ඕනෑම හදිසි තත්ත්වයකදී මොහු වෙත ආරක්ෂාව ලබා දීමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක දැනුවත් කර ඇත. මහේස්ත්‍රාත් අධිකරණයේ බී 24256/11 අංක දරන නඩුවට අදාළව මොහු වෙත ආරක්ෂාව ලබා දෙන ලෙස කර තිබූ මහේස්ත්‍රාත් නියෝගය අවලංගු කර දෙන ලෙස, "අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසය" විසින් කර ඇති ඉල්ලීම අනුව කටයුතු කරන ලෙස ගරු මහේස්ත්‍රාත්තුමා නියෝග කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks