01

E   |     |  

 දිනය: 2019-07-11   පිළිතුර ලබා දී ඇත 

0687/2019: ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි තනතුර: පත්වීම්

687/’18

ගරු බිමල් රත්නායක මහතා,— කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)      ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි තනතුරු (MA03-iii ශ්‍රේණිය) සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණයක් පැවැත් වූ බවත්;

             (ii)        එම පරීක්ෂණයෙන් සමත්වූවන්ට, ඔවුන් සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ බව හා එම තනතුර සඳහා තෝරාගෙන ඇති බව දන්වා ඇති බවත්;

 

 

(iii) ඊට අදාළ පත්වීම් ලිපිය යථා කාලයේදී එවන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනියගේ අත්සන සහිත අංක NCPA/AU/418(i)(06) හා 2017.12.14 දිනැති ලිපිය මඟින් නුගේගොඩ, උඩහමුල්ල, කුඹුක්කන්ගහ පොකුණ පාර, 3 වැනි මාවතේ, අංක 58/5 දරන නිවසේ පදිංචි එච්. එල්. ඒ. ලුණුවිල මහත්මියට දන්වා ඇති බවත්;

එතුමිය දන්නෙහිද?

(ආ) (i) මෙලෙස තෝරාගත් පුද්ගලයන් වෙනුවට දේශපාලන සම්බන්ධකම් පදනම් කර ගනිමින් වෙනත් පිරිසක් බඳවා ගැනීමට ක්‍රියාකරමින් පවතින්නේද;

(ii) ලුණුවිල මහත්මිය ඇතුළු සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වූ පුද්ගලයන්ට පත්වීම් ලබාදෙන්නේද;

(iii) එසේ නම්, එම පත්වීම් ලබාදෙනු ලබන දිනය කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-11

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i), (ii), (iii) ඔව්.

(ආ) (i) නැත.

(ii) මේ වන විටත් පත්වීම ලබා දී ඇත.

(iii) 2018 ඔක්තෝබර් 11වන දින පත්වීම් ලබා දී ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks