බලන්න

04

E   |     |  

 දිනය: 2019-08-07   පිළිතුර ලබා දී ඇත 

0677/2019: මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ පර්යේෂණ: ප්‍රගතිය

677/’19

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය වියළි කලාපයේ ඇති වැදගත් කෘෂි වගා පර්යේෂණ මධ්‍යස්ථානයක් බව පිළිගන්නේද;

            (ii)      වර්ෂ 2010 සි‍‍ට 2018 දක්වා එහි පර්යේෂණ කටයුතු සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන්  කොපමණද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම කාලය තුළදී සොයාගත් භෝග වර්ග කවරේද;

(ii) එම පර්යේෂණ කෘෂි ආර්ථිකයට බලපානු ලබන ආකාරය කවරේද;

 යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-07

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

                        වර්ෂ අනුව වෙන් කළ මුදල් ප්‍රමාණය පහත දැක්වෙන ඇමුණුම අංක 01 යටතේ දක්වා ඇත.

 

ඇමුණුම 01

වර්ෂය

වෙන් කළ මුදල(රුපියල් මිලියන)

2010

24.17

2011

47.08

2012

52.03

2013

97.10

2014

99.26

2015

79.98

2016

75.51

2017

59.14

2018

69.37

(ආ) (i) මිරිස් භෝගයේ ප්‍රභේද තුනක්

බඩ ඉරිඟු භෝගයේ ප්‍රභේද තුනක්

මුං ඇට භෝගයේ ප්‍රභේද එකක්

කව්පි භෝගයේ ප්‍රභේද තුනක්

කොල්ලු භෝගයේ ප්‍රභේද දෙකක්

සෝයා බෝංචි භෝගයේ ප්‍රභේද එකක්

රට කජු ‍භෝගයේ ප්‍රභේද තුනක්

බී ලූනු භෝගයේ ප්‍රභේද එකක්

පොකුරු ලූනු (රතු ලූනු) භෝගයේ ප්‍රභේද තුනක්

තුඹ කරවිල භෝගයේ ප්‍රභේද දෙකක්

දිවුල් භෝගයේ ප්‍රභේද දෙකක්

 

වැඩි විස්තර පහත දැක්වෙන ඇමුණුම අංක 02 යටතේ දක්වා ඇත.

 

ඇමුණුම 02

 

බෝගය

ප්‍ර‍‍‍‍‍භේද

නිර්දේශිත වර්ෂය

මිරිස්

MICH-03               

MICHHY-01               

MICHHY-02

2011  

2012  

2017

බඩ ඉරිඟු

MI MAIZE H-01               

MI MAIZE H-02               

MI MAIZE POPCORN

2013  

2014  

2016

මුං ඇට

MI MB - 07

2018

කව්පි

MICP - 01               ANKCP - 01                ANKCP - 02

                      2011                       2015

කොල්ලු

ANK BLACK                ANK BROWN

2014                        2014

සෝයා බෝංචි

MISB-01

2013

රට කජු

ANKG-01                    ANKG-02                KCGN -01

2012                        2015                        2018

බී ලූනු

MIBO -01

2014

පොකුරු ලූනු (රතු ලූනු)

MILCO -01              ARLCLO-01              ARLCLO-02

2017                        2018                        2018

තුඹ කරවිල

CHANDU(FEMALE)                    VISHWA (MALE)

2015                        2018

දිවුල්

ANKWA-01               ANKWA-02

2018                         2018

 

 

 

(ii) මෙම පර්යේෂණවල ප්‍රතිඵල මඟින් කෘෂි ආර්ථිකයට කරනු ලබන බලපෑම සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකොට නොමැත. කෙසේ වුවද, හඳුනා ගනු ලැබූ ඒ ඒ භෝගවල ප්‍රභේද ගොවි ජනතාවට හඳුන්වා දී වගා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව ආසන්න වර්ෂය වශයෙන් 2017 වර්ෂයේදී අතිරේක භෝග වර්ග 11කින් ටොන් 395,514 ප්‍රමාණයක් නිෂ්පදනය කිරීමටත් ඒ තුළින් රුපියල් මිලියන 28,735ක් ඉපැයීමටත් හැකි වූ බවට වාර්තා වී ඇත.

2017 වර්ෂය තුළදී අතිරේක භෝග නිෂ්පාදනය හා වටිනාකම පහත දැක්වෙන ඇමුණුම අංක 03 මඟින් ඉදිරිපත් කරමි.

ඇමුණුම 03

 

බෝගය

නිෂ්පාදනය (ටොන්)

වටිනාකම  (රුපියල් මිලියන)

වියළි මිරිස්

12,957

1,976

ලොකු ලූනු

53,603

2,796

රතු ලූනු

57,747

6,800

බඩඉරිඟු

195,744

7,107

කුරක්කන්

5,574

464

තල

7,754

948

සෝයා

14,363

968

මුංඇට

9,392

1,372

කව්පි

8,576

1,162

රටකජු

22,475

3,998

උඳු

7,329

1,144

එකතුව

395,514

28,735

 

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks