04

E   |     |  

 දිනය: 2019-07-23   පිළිතුර ලබා දී ඇත 

0658/2019: ත්‍රිකුණාමලය වරායට පවරාගෙන ඇති ඉඩම්: විස්තර

658/’19

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      80 දශකයේදී ත්‍රිකුණාමලය වරායට පවරාගෙන ඇති ඉඩම්වල, 

              (i)      විවිධ වර්ගයේ ඔප්පු තිබූ පුද්ගලයන් සංඛ්‍යාව;

             (ii)        බලපත්‍ර හා දීමනා පත්‍රලාභීන් සංඛ්‍යාව;

           (iii)      පදිංචි නිවාස සංඛ්‍යාව සහ ඒවායේ තත්ත්වය;

(iv) ව්‍යාපාරික ස්ථාන සහ එම එක් එක් ව්‍යාපාරිකයාගේ නම, ලිපිනය සහ  ව්‍යාපාරයේ ස්වභාවය;

කවරේද ‍යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-23

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      වාර්තා වී නොමැත.

              (ii)      වාර්තා වී නොමැත.

             (iii)      අනවසර පදිංචිකරුවන් 341දෙනකු සිටින බව වාර්තා වී ඇත.

             (iv)      වාර්තා වී නොමැත.

(ආ)      පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාගල රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks