පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
637/’19
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ජාතික ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන ලොතරැයිපත් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) වර්ෂ 2010 සිට 2018 දක්වා එම එක් එක් ලොතරැයිපත,
(i) අලෙවියෙන් ලැබූ ආදායම;
(ii) අලෙවියෙන් ලැබෙන ආදායමෙන් දිනුම් වශයෙන් වෙන් කරනු ලබන මුදල හෝ මුළු ආදායමේ ප්‍රතිශතය;
(iii) අලෙවියෙන් පසු කුඩාම දිනුමේ සිට ඉහළම දිනුම දක්වා දිනුම්ලාභීන් සංඛ්‍යාව;
(iv) දිනුම් හිමි ලොතරැයිපත් අලෙවි නොවීමෙන් හෝ අලෙවි වී ඇති දිනුම් හිමි ලොතරැයිපත් සඳහා පුද්ගලයන් ඉදිරිපත් නොවීමෙන් වාර්ෂිකව රජයට ඉතුරු වී ඇති මුදල;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-11
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දැනට පවත්වාගෙන යනු ලබන ලොතරැයිපත් පහත පරිදි වේ.
මහජන සම්පත
වාසනා සම්පත
ගොවිසෙත
සුපිරි වාසනා
ජාතික සම්පත
නීරෝගා
මෙගා පවර්
සෙවණ (දිනුම් අදින)
ධන නිධානය
ඩොලර් ෆෝචූන්
සමෘද්ධි
සෙවණ (ක්ෂණික)
(ආ) (i) ඇමුණුම 01හි දක්වා ඇත. මම එම ඇමුණුම සභාගත කරන්නම්. අවශ්‍ය නම් එහි හරය කියවන්නම්.
පිළිතුරු දුන් දිනය
2019-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks