පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
635/’18
ගරු වාසුදේව නානායක්කාර මහතා,— නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විශ්වවිද්‍යාලවල පාලනාධිකාරියන්ට පෞද්ගලික සමාගම් සමඟ රහසිගතව ගිවිසුම් අත්සන් කිරීමට බලය දීමට හැකියාවක් තිබේද;
(ii) පර්යේෂණයක් ආරම්භ කිරීමට පෙර එහි ප්‍රතිඵලවල අගය තීරණය කිරීමට නොහැකි බැවින්, රුපියල් 100/- වැනි අවම මුදලකට එහි ප්‍රතිඵල පෞද්ගලික සමාගමකට ලබාදිය හැකිද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මොරටුව විශ්වවිද්‍යාල පාලක සභාව විසින් කෝඩ් ජෙන් නමැති පෞද්ගලික සමාගම සමඟ කෘතිම බුද්ධිය සම්බන්ධව පර්යේෂණයක් සඳහා 2017.02.06 දින ගිවිසුම් ගතවී තිබේද;
(ii) එකී ගිවිසුම අනුව පර්යේෂණයේ ප්‍රතිඵලය එම සමාගමට රුපියල් 100/- ක මුදලකට හිමි කරදීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේද;
(iii) මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි අන්තර්ගතය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන මණ්ඩල දැනුම්වත් නොකළේ මන්ද;
(iv) මෙම ගිවිසුම හේතුවෙන් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන්ව තිබූ දේශන ශාලාවක් අදාළ සමාගමේ පරිහරණයට ලබා දී තිබේද;
(v) එසේ නම්, ඒ කුමක් සඳහාද;
(vi) දේශන ශාලාවක් ලබා දීම ගිවිසුමේ අඩංගු වන්නේ මන්ද;
(vii) මෙම ගිවිසුම හා ඉන් ඇතිවන බලපෑම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විමසුමට භාජනය කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-23
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 45 (2) (xv) වන වගන්තිය ප්‍රකාරව විශ්වවිද්‍යාලය වෙනුවෙන් ගිවිසුම්වලට එළැඹීමට, ක්‍රියාත්මක කිරීමට සහ අවලංගු කිරීමට බලය පාලක සභාවට ඇත.
කෙසේ වුවද, එකී පනත මඟින් විශ්වවිද්‍යාලයට පෞද්ගලික සමාගම් සමඟ රහස් ගිවිසුම්වලට එළැඹීමට බලය ලබා දී නොමැත.
(ii) නොහැක.
(ආ) (i) මොරටුව විශ්වවිද්‍යාලය කෝඩ් ජෙන් (CodeGen) සමඟ ගිවිසුමකට එළැඹ ඇත.
(ii) නැත.
(iii) සනාතන සභා රැස්වීමේදී විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා වාර්තා කිරීම සිදු කරන ලදී.
(iv) ඔව්.
(v) කෝඩ් ජෙන් (CodeGen) විද්‍යාගාරය පවත්වාගෙන යෑම සඳහා.
(vi) විද්‍යාගාර පර්යේෂණ සිදු කිරීමේ කාර්යය සඳහා.
(vii) 2018.04.14 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා කරන ලදී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks