පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
630/’18
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2018 සැප්තැම්බර් 30 දිනට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී ඇති අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂ තනතුරු සංඛ්‍යාව කොපමණද;
(ii) එකී එක් එක් තනතුරු පුරප්පාඩුව ඇති වූ දිනය කවරේද;
(iii) එකී තනතුරු පිරවීම සඳහා මේ වනතෙක් පියවර නොගැනීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-19
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) අධ්‍යක්ෂ තනතුරු 04ක් සහ සහකාර අධ්‍යක්ෂ තනතුරු 08ක් පුරප්පාඩුව පැවතිණ.
(ii) ඇමුණුමෙහි දැක්වේ. (ඇමුණුම සභාගත* කරමි.)
(iii) ඔව්.
මේ වන විට ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ (පාලන) තනතුරෙහි පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ සේවයේ නියුතුව සිට විශ්‍රාම ලැබූ නිලධාරිනියකගේ සේවය කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ලබාගෙන ඇත.
* සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
ඇමුණුම
තනතුරු පුරප්පාඩු ඇති වූ දිනය
|
තනතුරු නාමය |
තනතුරු සංඛ්‍යාව |
පුරප්පාඩු ඇති වූ දිනය |
||||||||||||
|
අ. ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ (පාලන) |
01 |
2017.12.28 |
||||||||||||
|
ආ. ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ |
01 02 |
2017.01.02 2016.09.15
|
දැනට දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ II හෝ III ශ්‍රේණියේ දෙපාර්තමේන්තුගත සහකාර/ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු අටෙහි කිසිදු නිලධරයෙකු සේවයේ නොමැති හෙයින්, විධායක සේවා ගණයේ III ශ්‍රේණියේ සහකාර අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීමෙන් අනතුරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ තනතුරු තුනෙහි රාජකාරි ඉටු කිරීමට හෝ වැඩ බැලීමට වැඩ පිළිවෙළක් යෙදීමට කටයුතු කරනු ලැබේ.
විධායක සේවා ගණයේ III ශ්‍රේණියේ සහකාර අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීමට ක්‍රියා කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-09-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks