01

E   |     |  

 දිනය: 2019-05-07   පිළිතුර ලබා දී ඇත 

0625/2019: ලංකා පොස්පේට් සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා : වැටුප් සහ දීමනා

625/’18

ගරු ශෙහාන් සේමසිංහ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2015 වර්ෂයේ සිට මේ දක්වා සීමාසහිත ලංකා පොස්පේට් සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අයගේ නම කවරේද;

(ii) ඔහුට හිමි නිලරථ සංඛ්‍යාව, ඉන්ධන දීමනාව, වැටුප් හා දීමනා වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වර්ෂ 2015 සිට මේ දක්වා ඔහුට ගෙවා ඇති සම්පූර්ණ ගෙවීම් ‍කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අනුමත ගෙවීම්වලට අමතරව වෙනත් ගෙවීම් කර තිබේද;

  (ii) එසේ නම්, ගෙවා ඇති මුදල කොපමණද;

(iii) එම ගෙවීම් සඳහා අනුමතිය ලබාදුන්නේ කවුරුන් විසින් ද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-07

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2015 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාකාරි අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු (03) රාජකාරි කටයුතු කර ඇත.

01. ආර්.ඇන්.කේ. රණවීර මහතා (2015.02.20 සිට 2018.07.04 දක්වා)

02.     චමින්ද කුමාර දිසානායක මහතා (2018.07.04 සිට 2018.12.20 දක්වා)

03.     ඩී.යූ. ජයවර්ධන මහතා  (2019.04.10 සිට මේ දක්වා)

 

              (ii)       (අ) හිමි නිල රථ ගණන - 01

(ආ) අනුමත ඉන්ධන දීමනාව—මාසිකව ඉන්ධන ලීටර් 150

(ඇ) වැටුප

    දීමනා (මාසිකව)

I. මාසික වැටුප් දීමනාව - රුපියල්  65,000.00

II. නිෂ්පාදනය මත පදනම් වූ දීමනාව (සාමාන්‍ය අගය රුපියල්  36,564.00

III. සංග්‍රහ වියදම් - රුපියල්  10,000.00

IV. ඉන්ධන දීමනාව/වියදම - රුපියල්  41,448.00

දීමනා (වාර්ෂිකව) - 2018

I. ප්‍රසාද දීමනාව - රුපියල්  13,500.00

II. වාර්ෂික දීමනාව - රුපියල් 185,996.51

III. නිල ඇඳුම් සහ පාවහන් දීමනාව - රුපියල්  21,874.80

(iii) ඔව්.

2015 සිට මේ දක්වා සේවය කළ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරුන් තිදෙනාට ගෙවා ඇති සම්පූර්ණ ගෙවීම් පිළිබඳ විස්තර පහත දැක්වේ.

 

 

නම

කාලය

මුදල රුපියල්

01.

ආර්.ඇන්.කේ. රණවීර මහතා

(2015.02.20 සිට 2018.07.04 දක්වා)

6,603,680.12

02.

චමින්ද කුමාර දිසානායක මහතා

(2018.07.04 සිට 2018.12.20 දක්වා)

 605,694.93

03.

ඩී.යූ. ජයවර්ධන මහතා

(2019.04.10 සිට 2019.06.30 දක්වා)

 348,671.78

 

එකතුව

 

7,558,046.83

 

 

 

 

 

 

 

 

(ආ) (i) ඔව්.

සංග්‍රහ වියදම් වශයෙන් සෑම මසකම ආර්.ඇන්.කේ. රණවීර මහතාට පමණක් රුපියල් 10,000ක දීමනාවක් අනුමත ගෙවීම්වලින් බැහැරව වූ දීමනාවක් ලෙස ගෙවා ඇත.

(ii) රුපියල් 401,000.00කි.

(iii) ඔව්.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

(ඇ) අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2019-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks