01

E   |     |  

 දිනය: 2019-03-18   පිළිතුර ලබා දී ඇත 

0624/2019: සීමාසහිත ලංකා ෆොස්ෆේට් සමාගමේ සභාපතිවරයා : වැටුප හා දීමනා

624/’18

ගරු ශෙහාන් සේමසිංහ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      සීමාසහිත ලංකා පොස්පේට් සමාගම දැනට ලබන ආදායම හා ලාභය කොපමණද;

             (ii)      2015 වර්ෂයේ සිට එහි  සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ කවුරුන්ද;

           (iii)      ඔහුට හිමි නිල රථ සංඛ්‍යාව, ඉන්ධන දීමනාව, වැටුප් හා දීමනා වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) වර්ෂ 2015 සිට මේ දක්වා ඔහුට ගෙවා ඇති සම්පූර්ණ මුදල ‍කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අනුමත ගෙවීම්වලට අමතරව වෙනත් ගෙවීම් කර තිබේද;

  (ii) එසේ නම්, එම මුදල කොපමණද;

(iii) එම ගෙවීම් සඳහා අනුමතිය ලබා දී ඇත්තේ කවුරුන්ද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-18

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i)

(ii) උපාලි අනුරාධ දිසානායක මහතා.

(iii) හිමි නිල රථ ගණන 01යි.

අනුමත ඉන්ධන දීමනාව - මාසිකව ඉන්ධන ලීටර් 170යි.

වැටුප

මාසික දීමනාව - රුපියල් 80,000.00

නිෂ්පාදනය මත පදනම් වූ දීමනාව (මාසිකව) - රුපියල් 38,212.53

සංග්‍රහ වියදම් (මාසිකව) - රුපියල් 10,000.00

වැඩබිමට පැමිණීම වෙනුවෙන් දෛනිකව රු.2000 බැගින් මසකට - රුපියල් 29,115.00

ඉන්ධන දීමනාව (මාසිකව) - රුපියල් 43,117.15

ඉහත දීමනාවලට අමතරව වර්ෂයකට එක් වරක් පමණක් ගෙවනු ලබන දීමනාවන්

වාර්ෂික ප්‍රසාද දීමනාව - රුපියල් 13,500.00

නොගත් අසනීප නිවාඩු සඳහා ගෙවීම් - රුපියල් 215,926.75

(iv) ඔව්.

2015 සිට 2018.12.31 දක්වා ඔහුට ගෙවා ඇති සම්පූර්ණ මුදල රුපියල් 9,927,759.80 (නව මිලියන නව ලක්ෂ විසිහත්දහස් හත්සිය පණස් නවයයි ශත අසූව) ක් වේ.

(ආ) (i) ඔව්.

වැඩබිමට පැමිණීම වෙනුවෙන් දෛනිකව ගෙවනු ලබන රුපියල් 2,000ක දීමනාව අනුමත ගෙවීම්වලින් බැහැර වූ දීමනාවක් ලෙස ගෙවා ඇත.

(ii) 2015 වසරේ සිට 2018.12.31 දක්වා රුපියල් 1,403,385.00 (එක් මිලියන හාරලක්ෂ තුන්දහස් තුන්සිය අසූපහ)ක මුදලක් ගෙවා ඇත.

(iii) අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය යටතේ ගෙවා ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks