01

E   |     |  

 දිනය: 2019-04-03   පිළිතුර ලබා දී ඇත 

0623/2019: ශ්‍රී ලංකා පොලීසිය සතු වාහන : විස්තර

623/’18

ගරු ශෙහාන් සේමසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකා පොලිසිය සතු ධාවන තත්ත්වයේ පවතින වාහන සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම වාහනවල මාදිලිය සහ අයත් වන පොලිස් ස්ථානය වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;

(iii) දැනට ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින වාහන සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2000 සිට 2018 වර්ෂයේ සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා පොලිසියට මිලදී ගෙන ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

  (ii) එම වාහන මිලදී ගනු ලැබූ ආයතන කවරේද;

(iii) එම ආයතනවලින් මිලදී ගත් වාහන කවරේද;

(iv) ඒ සඳහා ණය පහසුකම් ලබාදී තිබේද;

 (v) එසේ නම්, ණය පහසුකම් ලබා දී ඇති ආයතන කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-04-03

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) 8986

(ii) ඇමුණුම* i සහ iiහි දක්වා ඇත.

(iii) 8986

(ආ) (i) 6003

(ii) ටොයෝටා ලංකා ආයතනය

ඇසෝසියේටට් මෝටර්වෙස් ආයතනය

අයිඩියල් මෝටර්ස් ආයතනය

ඩිමෝ ආයතනය

ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය

ඩේවිඩ් පීරිස් ආයතනය

බ්‍රවුන්ස් සමාගම

පොරොන්ට් ඉයර් ඔටෝ මෝටර්ස් ආයතනය

කාර් මාර්ට් ආයතනය

ස්ටැපර්ච් මෝටර්ස් ආයතනය

සුසුකි මෝටර්ස් ආයතනය

ටී.වී.එස්. ලංකා ආයතනය

හයිහුන්ඩා මෝටර්ස් ආයතනය

(iii) ටොයෝටා ලංකා ආයතනය - (වෑන්, බස්, සිංගල් කැබ්, ඩබල් කැබ්, ජීප්, ගිලන් රථ)

ඇසෝසියේටඩ් මෝටර්වෙස්ට් ආයතනය - (වෑන්, ඩබල් කැබ්, නිල සුනඛ රථ, ගිලන් රථ)

අයිඩියල් මෝටර්ස් ආයතනය - (ජීප්, සිංගල් කැබ්, ට්‍රැක්ටර්)

ඩිමෝ ආයතනය - (වෑන්, බස්, බවුසර්, ට්‍රක්, ජීප්, ගිලන් රථ, ගලි රථ)

ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය - (බස්, ට්‍රක්, ආපදා රථ, බූම් ට්‍රක්, ජල ප්‍රහාරක රථ, ගලි රථ)

'ඩේවිඩ් පීරිස් ආයතනය - (යතුරු පැදි, ත්‍රීරෝද රථ)

බ්‍රවුන්ස් සමාගම - (ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර්)

පොරොන්ට් ඉයර් ඔටෝ මෝටර්ස් ආයතනය - (ජීප්)

කාර් මාර්ට් ආයතනය - (කාර් රථ)

ස්ටැපර්ච් මෝටර්ස් ආයතනය - (කාර්, යතුරු පැදි)

සුසුකි මෝටර්ස් ආයතනය - (යතුරු පැදි)

ටී.වී.එස්. ලංකා ආයතනය - (යතුරු පැදි)

හයිහුන්ඩා මෝටර්ස් ආයතනය - (ගුවන් විදුලි කාර් රථ)

(iv) ඔව්.

(v) ලංකා බැංකුව

ඉන්දියානු හා පාකිස්තානු ණය යෝජනා ක්‍රමය

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-04-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks