01

E   |     |  

 දිනය: 2019-06-19   පිළිතුර ලබා දී ඇත 

0600/2019: ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය: සේවක වැටුප්

600/’18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ, පිළියන්දල ප්‍රාදේශීය කාර්යාලයේ සේවය කරන මෑන්පවර් සේවකයන්ට ගෙවනු ලබන වැටුප කොපමණද;

(ii) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන්ට ගෙවනු ලබන වැටුප කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෑන්පවර් සේවකයන්ගේ සේවය අවශ්‍ය වී තිබියදී ඔවුන් අඩු වැටුපකට සේවයේ යෙදවීම අයුතු ලෙස ශ්‍රමය ලබා ගැනීමක් නොවන්නේද;

(ii) මෙම මෑන්පවර් සේවකයන්ගෙන් අය කර ගනු ලබන සේවක අර්ථසාධක  හා සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් සඳහා ඔවුන්ට ගිණුම් වාර්තා ලබා නොදෙන්නේ මන්ද;

(iii) මෙම සේවකයන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට බඳවා ගැනීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-19

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ලියාපදිංචි මෑන්පවර් ආයතනවලින් සේවක පිරිස් සේවයේ යොදවා නොමැති අතර, මණ්ඩලය යටතේ හෝ මණ්ඩලයට අනුබද්ධ එවැනි ආයතන නොමැත.

                         මණ්ඩලය මඟින් අවස්ථානුකූලව විවිධ වැඩ හා සේවාවන් බාහිර කොන්ත්‍රාත්කරුවන් මඟින් කොන්ත්‍රාත් පදනම මත ඉටු කරවා ගැනීමට කටයුතු කරනු ලැබේ. කොන්ත්‍රාත් ගිවිසුම අනුව අදාළ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් කරන අතර, එම කොන්ත්‍රාත්කරුවන් විසින් සේවකයින්ට කරනු ලබන ගෙවීම් කොපමණද යන්න මණ්ඩලය නොදනී.

(ii) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින්ට මහා භාණ්ඩාගාරය විසින් අනුමත කරනු ලබන වැටුප් පරිමාණයන්ට වැටුප් ගෙවනු ලැබේ. අවම වැටුප් තලය මණ්ඩල ශ්‍රේණිය  G 15 - වැටුප් කේතය PL 1 - 2018.01.01 දින සිට ක්‍රියාත්මක වැටුප් පරිමාණය 41,034 - 270 x 20 - 46,434කි.

(ආ) (i)  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට මෑන්පවර් ආයතන මඟින් සේවකයින් සේවයේ යොදවා ගෙන නැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks