පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
573/’19
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම සඳහා කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එයට හේතුව කවරේද;
(iii) ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද;
(iv) විදුලි පාරිභෝගිකයන් විසින් ගෙවිය යුතු විදුලි ගාස්තු ගණනය කරනු ලබන වර්තමාන ක්‍රමය අසාධාරණ බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-11
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවේ.
(iii) ලංකා විදුලිබල මණ්ඩලය විදුලි සේවාව ලබා දීමේදී අය කරනු ලබන ගාස්තු මඟින් විදුලි සේවාව ලබා දීම සඳහා වන වියදම ලබා ගැනීමට - for cost recovery - කටයුතු කරනු ලබයි. සහන ගාස්තු ක්‍රමයක් මත පදනම්ව මෙරට විදුලි පාරිභෝගිකයන් සඳහා කාණ්ඩ කිහිපයක් යටතේ විදුලි සේවාව ලබා දෙයි. මෙසේ කාණ්ඩ කිහිපයකට සහන මිල ගණන් යටතේ විදුලිය ලබා දීම රාජ්‍ය ප්‍රතිපත්තිය වන අතර, එම සහනාධාර ලබා දීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත වැය වන මුදල මහා භාණ්ඩාගාරයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දිය යුතු වේ. මෙලෙස විදුලි පාරිභෝගිකයන් සඳහා ලබා දෙන සහන ඇමුණුම 01හි දැක්වේ. සියලු පාරිභෝගික කාණ්ඩ සඳහා වන විදුලි ගාස්තු අයක්‍රම ඇමුණුම 02හි දැක්වේ.
මෙම සහනාධාර ලබා දීම තුළ ලංකා විදුලිබල මණ්ඩලය 2018 වර්ෂය තුළ දරන ලද වියදම රුපියල් මිලියන 60,429කි. එමෙන්ම, පසුගිය වර්ෂ දෙක තුළ පැවැති දැඩි වියළි කාලගුණ තත්ත්වය සමඟ ජල විදුලි නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ ගිය අතර, 2017 හා 2018 වර්ෂවලදී ජල විදුලි නිෂ්පාදන දායකත්වය පිළිවෙළින් සියයට 21ක් හා සියයට 33ක් විය.
මේ තත්ත්වය තුළ අඛණ්ඩව විදුලිය සම්පාදනය කිරීමට තාප බලාගාර වැඩි වශයෙන් උපයෝගි කර ගැනීමට සිදුවීම හේතුවෙන් විදුලි ජනන පිරිවැය ඉහළ ගොස් ඇත.
2018 වර්ෂයේ විදුලි සැපයුම් පිරිවැයේ සාමාන්‍ය අගය එක් ඒකකයකට රුපියල් 19.12ක් වූ අතර, විදුලිය ඒකකයක් විකිණීමෙන් ලද ආදායමේ සාමාන්‍ය අගය රුපියල් 16.29ක් වේ.
ගරු මන්ත්‍රීතුමනි, ඒකකයකට රුපියල් 19.12ක් වන්නේ මෙහෙමයි. Transmission සහ distribution cost එක ලෙස රුපියල් 2.83ක් එකතු කරන්න අවශ්‍යයි.
එබැවින් විදුලි ජනන ගාස්තු අඩු කර ගැනීම සඳහා අවශ්‍ය නිවැරැදි ජනන සම්මිශ්‍රණය අඩු පිරිවැය සහිත බලශක්ති ප්‍රභව බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු වන ආකාරයට තෝරා ගැනීම සිදු කරනු ලැබේ. එමෙන්ම 2015 වර්ෂයේ සිට සුළං හා සූර්ය බලාගාර ඉදිකිරීමේ දී තරගකාරී මිල ගණන් කැඳවීම හඳුන්වා දීම සිදු කරන ලද අතර, ඒ තත්ත්වය තුළ සුළං හා සූර්ය බලාගාරවලින් විදුලිය මිල දී ගැනීමේ දී අය කරන ගාස්තුව සියයට 50ක ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකි විය. මෙවැනි විවිධ වූ ක්‍රමෝපායයන් අනුගමනය කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන වියදම් අඩු කර ගැනීමට කටයුතු කිරීම සඳහා ක්‍රියා මාර්ග ගෙන ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය මේ කටයුතු ඉදිරියට කරගෙන ගියත්, ගත වූ අවුරුදු හතර තුළ කිසිදු ආකාරයකට විදුලිය ජනනයක් කෙරෙමින් තිබුණේ නැහැ. න්‍යායාත්මක මට්ටමින් උත්තර දුන්නාට, එය ප්‍රායෝගිකව කිසිසේත් වුණේ නැහැ කියන කාරණය මා වගකීමෙන් කියන්න කැමැතියි. ඒ නිසා තමයි අප අලුත් ක්‍රමයක් ඉදිරිපත් කර තිබෙන්නේ. පරිසර අමාත්‍යාංශයේ අනුමැතිය ලබා තිබෙනවා නම් ඒ ඕනෑම කෙනකුට පුළුවන් තරම් ඉක්මනට අදාළ සහතිකය සහ අවසරය ලබා දීම සඳහා අපි දැන් අමාත්‍යාංශය මඟින් කටයුතු කරගෙන යනවා.
(iv) රජයේ ප්‍රතිපත්තිය අනුව වත්මන් ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කර ඇත. කෙසේ නමුත් සියලු පාරිභෝගිකයන් විදුලි සේවාව ලබා ගැනීමේදී ඒ සඳහා දරන වියදම ආවරණය වන පරිදි ගෙවීම සඳහා ගාස්තු ක්‍රමය යාවත්කාලීන කිරීම සුදුසු බව පෙනේ.
(ආ) අදාළ නොවේ.
ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2019-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks