පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
570/’19
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා, ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කිරීම සඳහා වැය වූ මුදල, එක් එක් වර්ෂය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරනු ලබන සමාගම්වල නම් සහ ඔවුන්ගේ නිෂ්පාදනවල නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-21
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 2010 වසරේ සිට 20190.05.22 දක්වා ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කිරීම සඳහා වැය වූ මුදල (මි.ර.ගැ. වටිනාකම රු.) එක් එක් වසර අනුව පහත දැක්වේ.
|
වසර |
මුළු පිරිවැය රක්ෂණ හා ගැල්කුලී අගය (රු.) (මි.ර.ගැ. වටිනාකම රු.) (CIF Value Rs) |
|
2010 |
30,395,810,687.00 |
|
2011 |
36,475,256,077.00 |
|
2012 |
37,676,108,038.00 |
|
2013 |
35,279,137,139.00 |
|
2014 |
44,029,822,816.00 |
|
2015 |
31,796,350,016.00 |
|
2016 |
32,657,364,867.00 |
|
2017 |
44,876,416,697.00 |
|
2018 |
50,311,217,812.00 |
|
2019 (2019.05.22) |
19,256,514,234.00 |
|
එකතුව |
362,753,998,383.00 |
මූලාශ්‍රය - ශ්‍රී ලංකා රේගුව
(ii) ශ්‍රී ලංකා රේගුවෙන් ලබාගත් කිරි පිටි ආනයනය කරන ලද සමාගම්වල නම් සහ වැය වූ මුදල ඇතුළත් වාර්තාව ඇමුණුම 01 ලෙස ඉදිරිපත් කරනවා. ඇමුණුම 01 සභාගත* කරනවා. ඒක දීර්ඝ වාර්තාවක්. (ඇමුණුම 01හි සඳහන් සමාගම් අතර අමුද්‍රව්‍ය ලෙස කිරි පිටි ආනයනය කරන සමාගම්ද ඇතුළත් වන අතර, ආනයනික කිරි පිටි නිෂ්පාදනවල සන්නාම නාම ශ්‍රී ලංකා රේගුවේ දත්ත ගබඩාවේ සඳහන් නොවන බව දන්වා එවා ඇත.)
පිළිතුරු දුන් දිනය
2019-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks