පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
561/’19
ගරු අ. අරවින්ද් කුමාර් මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2010 සිට මේ දක්වා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ දේශීය හා විදේශීය අරමුදල් ලැබූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී භාණ්ඩ ඇනවුම් කිරීම සහ තත්ත්ව පරීක්ෂණ සඳහා නිලධාරින් විදේශගත වූ අවස්ථාවල එම විදේශ සංචාර වෙනුවෙන් වැය වූ මුදල ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හෝ ව්‍යාපෘතියේ පිරිවැයට ඇතුළත් වන්නේද;
(ii) ඒ පිළිබඳ විස්තර සියල්ල ඉදිරිපත් කරන්නේද;
(iii) ඇනවුම් කළ භාණ්ඩවල තත්ත්ව පරීක්ෂණ කටයුතු සඳහා නිලධාරින් වරින් වර විදේශගත වීමේදී ඔවුන්ගේ සේවා අවශ්‍යතා ආවරණය කළද, එයින් සිදුවන අධික පාඩුව අවම කර ගැනීමට අදාළ භාණ්ඩ නියැදි ගෙන්වා ගැනීම හෝ එම භාණ්ඩ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙන්වා තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්නේද;
(iv) නොඑසේ නම්, භාණ්ඩ තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කිරීම පිණිස සුදුසු වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-11
අසන ලද්දේ
ගරු අ. අරවින්ද් කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) එවැනි අධික පාඩුවක් සිදු නොවේ. තවද මෙරට තුළ මෙම භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා පහසුකම් නොමැති බැවින් එම ක්‍රමවේදය ප්‍රායෝගික නොවේ.
(iv) තත්ත්ව පරීක්ෂණ සඳහා නියැදි තෝරා ගන්නේ මණ්ඩලයෙන් සහභාගි වන නිලධාරින් බැවින් සහ එම භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ මෙවලම් සඳහා පහසුකම් ඇත්තේ ආදළ නිෂ්පාදකයාගේ එරට පිහිටි කර්මාන්ත ශාලාවේ බැවින් වෙනත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks