01

E   |     |  

 දිනය: 2019-05-22   පිළිතුර ලබා දී ඇත 

0552/2019: උතුර සහ නැ‍‍ඟෙනහිර පළාත්වල පාලම් 1000 ව්‍යාපෘතිය : විස්තර

552/’19

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් උතුර හා නැගෙනහිර පළාත්වල පාලම් 1000ක් ඉදිකිරීමේ සැලැස්මක් ඉදිරිපත් කරනු ලැබූ බවත්;

             (ii)      මෙම ව්‍යාපෘතිය එම ප්‍රදේශයේ ජනතාවගේ ක්‍රියාකාරකම්වලට ප්‍රයෝජනයක් නොවන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම පාලම් 1000 ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ එක් එක් දිස්ත්‍රික්කය තුළ ඉදිකරන ලද පාලම් පිළිබඳ විස්තර කවරේද;

(ii) මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන්ගේ විස්තර කවරේද;

(iii) මෙම පාලම් සඳහා වන සැලසුම් එම ප්‍රදේශවලට ගැලපෙන ආකාරයට සකස් කර තිබේද‍;

  (iv) නොඑසේ නම්, විදේශ රටක සකස් කළ ආකෘතියකට අනුව වැඩකටයුතු සිදුකර තිබේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම ව්‍යාපෘතිය යටතේ මුදල් වෙන්කර ඇති කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පාලම්  සංඛ්‍යාව කොපමණද;

(ii) වැඩ අවසන් වූ පාලම් සංඛ්‍යාව කොපමණද;

(iii) තවමත් ඉදිවෙමින් පවතින පාලම් සංඛ්‍යාව කොපමණද;

(iv) ඉදිකිරීමට නියමිත පාලම් සංඛ්‍යාව කොපමණද;

(v) මෙම පාලම්වල කොන්ත්‍රාත්කරුවන්ගේ විස්තර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-22

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)       අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් උතුරු නැ‍ඟෙනහිර පළාත්වල පාලම් 1,000ක් ඉදිකිරීමේ සැලැස්මක් ඉදිරිපත් කර නැත. එනමුදු දැනටමත් උතුරු පළාත තුළ පාලම් 87ක්ද, නැ‍ඟෙනහිර පළාත තුළ පාලම් 122ක්ද මෙම අමාත්‍යාංශය යටතේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය මඟින් ඉදිකර අවසන් කර ඇති අතර මහජන අයිතිය සඳහාද පවරා ඇත.

(ii) එම ග්‍රාමීය පාලම් තෝරා ගැනීම සහ ඉදිකිරීම එම ප්‍රදේශවල ජනතාවගේ ඉල්ලීම සහ ඒවායේ අත්‍යවශ්‍ය බව අනුව පළාත් ව්‍යාපෘති ඉංජිනේරුවරයාගේ නිර්දේශය සහ පළාත් ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය මත සිදුකර ඇති අතර ඒවා එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික ආර්ථික හා සමාජයීය කටයුතුවලට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වන බවද වාර්තා කර ඇත.

(ආ) (i) 2016 සිට 2018 දක්වා ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ එක් එක් දිස්ත්‍රික්ක තුළ ඉදිකරන ලද පාලම්වල විස්තර පහත දැක්වේ.

දිස්ත්‍රික්කය      පාලම් සංඛ්‍යාව

යාපනය 04

කිලිනොච්චි 33

මුලතිව් 15

වවුනියා 18

මන්නාරම 17

එකතුව 87

මේ පිළිබඳ වැඩිමනත් විස්තර ඇමුණුම 1හි** සඳහන් කර ඇත.

(ii) මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන් වන්නේ,

අදියර - II - Cleveland Bridge UK Ltd, UK

අදියර - III - Janson Bridging International BV, Netherlands

(iii) ඔව්.

(iv) නැත.

(ඇ) (i) ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ මුදල් වෙන්කර ඇති කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පාලම් සංඛ්‍යාව 33යි.

(ii) එම දිස්ත්‍රික්කයේ වැඩ අවසන් වූ පාලම් සංඛ්‍යාව 33යි.

(iii) එම දිස්ත්‍රික්කයේ තවමත් ඉදිවෙමින් පවතින පාලම් නොමැත.

(iv) 2018 වර්ෂය තුළදී එම දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත පාලම් සියල්ල අවසන් කර ඇති අතර 2019 වර්ෂයේදී ඉදිකිරීමට නිර්දේශ කර ඇති පාලම් සංඛ්‍යාව 08කි.

(v) කොන්ත්‍රාත්කරුවන්ගේ නම් පහත දැක්වේ.

1. Cleveland Bridge UK Ltd.

2. Janson Bridging International BV, Netherlands

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks