logo

03

E   |     |  

 දිනය: 2019-03-16   පිළිතුර ලබා දී ඇත 

0535/2019: රග්ගහවත්ත, හේවාගම ප්‍රදේශවල ගංවතුර උවදුර: වැළැක්වීම

535/’19

ගරු බිමල් රත්නායක මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      කොළඹ පිටත වටරවුම්පාර ඉදිකිරීමේදී කඩුවෙල, රග්ගහවත්ත ප්‍රදේශයේදී කැළණි ග‍ඟේ වම් සහ දකුණු ඉවුරුවල අඩි 4ක් පමණ පස් කපා ඉවත්කර, කොන්ක්‍රීට් කණු ඉදිකර ඇති බවත්;

(ii) සෑම වසරකම පාහේ ගංවතුර උවදුරට ලක්වන රග්ගහවත්ත, හේවාගම යන ප්‍රදේශ මෙම හේතුව නිසා විශාල ගංවතුර උවදුරකට ලක්වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ගං ඉවුර කැපීම හේතුවෙන් දැඩි ගංවතුර උවදුරකට ලක්වීමෙන් ප්‍රදේශයේ ජනතාවට සිදු වන හානිය වැළැක්වීම පිණිස කපා දැමූ ඉවුර යථා තත්ත්වයට පත්කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-16

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අධිවේගී මාර්ගය සහ එහි පිවිසුම් මාර්ග තැනීමේදී ගං ඉවුරට සිදුවන හානිය අවම වන පරිදි නව ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන නිසි ප්‍රමිතියෙන් යුක්තව සියලු ඉදිකිරීම් කර ඇත.

              (ii)      කැලණි ගඟේ පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාවක් ඇති වන විට ගඟ ආශ්‍රිත පහත් බිම් ජලයෙන් යට වීම සාමාන්‍යයෙන් සිදු වේ.

(ආ) ඉවුරු ඛාදනය වීම වැළැක්වීමට දෙපස ගල් වැටි යොදා සංරක්ෂණය කර ඇත. අධිවේගී මාර්ගය සහ පිවිසුම් මාර්ගය ඉදිකිරීමේදී ගං ඉවුරට සිදු වී ඇති බලපෑම අවම කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කබීර් හෂීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks