පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
527/’19
ගරු චන්දිම වීරක්කොඩි මහතා,— නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අම්බලන්ගොඩ තිලකපුර, සිරිසුමනගම පදිංචි පවුල් 180කට නල ජල පහසුකම් ලබාදීම සඳහා 2017 වර්ෂයේදී තිලකපුර ප්‍රජා සංවර්ධන සමිතිය විසින් ප්‍රජා ජල ව්‍යාපෘතිය යටතේ ජලනල එලා ජල ටැංකියද ඉදිකර ඇති බවත්;
(ii) 2017 වර්ෂයේ පෙබරවාරි මස මෙම ජල ව්‍යාපෘතිය මඟින් ජල සැපයුම ලබාදෙන බව පවසා තිලකපුර ප්‍රජා සංවර්ධන සමිතිය විසින් ප්‍රදේශවාසීන්ගෙන් රුපියල් 10,000/- ක මුදලක් එකතු කර ඇති බවත්;
(iii) මෙම ප්‍රදේශවාසීන්ගේ ළිං ජලයට වැසිකිළි ජලය මුසුවීම හේතුවෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලු ඇති වී තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙතෙක් එම ජල සැපයුම ලබා නොදීමට හේතු කවරේද;
(ii) මෙම ප්‍රදේශවාසීන් සඳහා නල ජල පහසුකම් නොපමාව ලබා දීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-23
අසන ලද්දේ
ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මෙම ව්‍යාපෘතිය සඳහා රජයෙන් රුපියල් 2,736,000.00ක මුදලක් වැය කර ඇත.
(ii) ඕනෑම ප්‍රජා ජල ව්‍යාපෘතියකදී ප්‍රජා දායකත්වය අනිවාර්ය අංගයකි. ඇස්තමේන්තු කිරීමේදී සියයට 20ක ප්‍රජා දායකත්වය ඇතුළත් කරන අතර එය ප්‍රජාව විසින් ශ්‍රම දායකත්වයෙන් හෝ මූල්‍ය දායකත්වයෙන් ලබා දීම සිදු කරනු ලබයි. ඒ අනුව තිලක ප්‍රජා මූල සංවිධානය විසින් එම මුදල සභා සම්මත කොට ගෙන එකතු කරගන්නා ලද මුදලකි.
(iii) මේ සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයා බැලීමක් සිදුකර නොමැත.
(ආ) (i) ජල සම්බන්ධතා ගාස්තුව ගෙවන ලද පවුල් 183ක් සඳහා මේ වනවිට ජල සම්බන්ධතාව ලබා දී ඇත.
(ii) ඔව්.
ජල සම්බන්ධතා ගාස්තු ගෙවූ වහාම අදාළ ප්‍රතිලාභීන්ට ජල සම්බන්ධතාව ලබා දීමට ප්‍රජා මූල සංවිධානය එකඟ වී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks