පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
526/’19
ගරු මයන්ත දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) උඩරට ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව පසුගිය රජය විසින් අහෝසි කිරීම හේතුවෙන් උඩරට ප්‍රදේශයේ ජනතාවට අසාධාරණයක් සිදු වූ බව එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) උඩරට සංවර්ධන අධිකාරියෙන් උඩරට ප්‍රදේශයට හිමි වූ සංවර්ධන ප්‍රතිලාභ කවරේද;
(ii) එම අධිකාරියට වෙන් කළ මුදල කොපමණද;
(iii) එම අධිකාරියෙන් සිදු කළ කාර්යයන් සහ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කවරේද;
(iv) උඩරට සංවර්ධන අධිකාරියේ සභාපතීත්වය සහ ආයතනික වගකීම් දරන ලද පුද්ගලයන් කවුරුන්ද;
(v) උඩරට සංවර්ධන අධිකාරිය මඟින් උඩරට ප්‍රදේශයේ දිළිඳු ගම්මානවල ජනතාවට ලබාදුන් රැකියා සහ රැකියා සංඛ්‍යාව කවරේද;
(vi) උඩරට සංවර්ධන අධිකාරිය මඟින් දිළිඳු ගම්මානවල ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිවල නම් සහ ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව නැවත ආරම්භ කිරීමට අදහස් කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-12
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) නැත.
(ආ) (i) ලාහුගල, මහඔය සහ පදියතලාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ද ඇතුළත්ව මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, බදුල්ල, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කයන්ගේ බල ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති, සමාජ හා ආධ්‍යාත්මික ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇත.
(ii) 2006 වසරේ සිට 2013 වසර දක්වා රුපියල් බිලියන 1.45ක මුදලක් වෙන් කර ඇත.
(iii) යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ හා ආධ්‍යාත්මික ව්‍යාපෘති.
(iv) ඇමුණුම 01හි දක්වා ඇත.
(v) ඍජු රැකියා ලබාදීමක් මෙම අධිකාරියෙන් සිදුවී නොමැත. නමුත් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බල ප්‍ර දේශ තුළ පවුල් 26,087ක් සවිබලගැන්වීම සඳහා ස්වයං රැකියා අවස්ථාවන් ලබාදී ඇත.
(vi) ඇමුණුම 02හි දක්වා ඇත.
(ඇ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-03-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks