01

E   |     |  

 දිනය: 2019-03-08   පිළිතුර ලබා දී ඇත 

0524/2019: රජයේ කාර්යාලවල "මහජන දිනය": මහජනතාව මුහුණ දෙන අපහසුතා

524/’19

ගරු මයන්ත දිසානායක මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රජය විසින් මහජනතාවගේ අවශ්‍යතා සඳහා රජයේ කාර්යාල තුළදී නිලධාරින් හමුවීම සඳහා සතිපතා නිශ්චිත කාර්යාල දිනයක් හඳුන්වා දී තිබේද;

            (ii)       මෙම කාර්යාල දිනය සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ නම්, එය කවරේද;

(iii) කාර්යාල දිනයක් ප්‍රකාශ කර තිබේ නම්, එම දිනයේදී කාර්ය මණ්ඩල රැස්වීම් හා වෙනත් රැස්වීම් පැවැත්වීමෙන් මහජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් පිළියම් යොදා තිබේද;

(iv) නිශ්චිත කාර්යාල දිනයන්හි දී ප්‍රාදේශීය හා දිස්ත්‍රික් කාර්යාලවල උසස් නිලධාරින් කොළඹ ප්‍රධාන කාර්යාලවලට කැඳවනු ලබන්නේද; 

 

(v) එසේ නම්, එවැනි දිනවල දී මහජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා   ක්‍රියාත්මක කරනු ලබන සැලසුම් කවරේද;

(vi) මහජනතාව වෙනුවෙන් වඩාත් ඵලදායී රාජ්‍ය සේවාවක් ඉටු කිරීම සඳහා නව සැලසුම්  ක්‍රියාත්මක වන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-08

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) ඔව්.

(ii) 1990.10.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 43/90 නිකුත් කර ඇති අතර, 1995.06.19 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 21/95 මඟින් සහ 2015.05.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 11/2015 මඟින් එම කාර්යාල දිනය සම්බන්ධයෙන් තවදුරටත් අවධාරණය කර ඇත.

(iii) ඔව්.

(iv) 1995.10.26 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 21/95(i) මඟින් ගංවතුර හෝ වෙනත් විපත් සඳහා හැර බදාදා දිනවල කාර්යාලවලින් බැහැර රාජකාරි කටයුතු සඳහා නිලධාරින් නොකැඳවිය යුතු බව දන්වා ඇත.

(v) 1995.06.19 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 21/95, 2008.02.06 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2008, 2018.01.24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2008(i) හා 2015.05.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 11/2015 යන චක්‍රලේඛ මඟින් ඒ පිළිබඳව සියලු ආයතන ප්‍රධානීන් දැනුවත් කර ඇත.

(vi) ඔව්. නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට සහ කාලීන අවශ්‍යතාව පරිදි යාවත්කාලීන ලෙස ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කිරීමට කටයුතු කරමින් පවතී.

(ආ) අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2019-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks