පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
523/’19
ගරු මයන්ත දිසානායක මහතා,— ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීමේ අභිලාශයෙන් පිහිටුවන ලද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තුළින් අපේක්ෂිත අරමුණු කොතෙක් දුරට ඉටුවී තිබේද;
(ii) සමෘද්ධි ප්‍රතිලාභ වෙනුවෙන් වාර්ෂිකව වැයවන මුදල කොපමණද;
(iii) මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභ නොලබන එහෙත් එම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පසුගිය කාලයේදී සමෘද්ධි ප්‍රතිලාභීන් අපක්ෂපාතීව තෝරා ගන්නා ලද බවට සෑහීමකට පත්වන්නේද;
(ii) නොඑසේ නම්, ඒ සඳහා අනුගමනය කරනු ලබන නව ක්‍රමවේදය කවරේද;
(iii) සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා ප්‍රතිලාභීන් දේශපාලන අරමුණු සඳහා යොදාගත් බව පිළිගන්නේද;
(iv) එසේ නම්, ඉදිරියේදී එබඳු ක්‍රියාවන් වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) සමෘද්ධි අරමුදල මෑතකදී සම්මත කරන ලද ජාතික විගණන පනතට අනුව විගණනයට භාජනය කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-07
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයක් අනුව එක්සත් ජාතික පක්ෂ රජය යටතේ 1991 ජනසවිය අති කරන ලද්දේ වසර 02ක් ඇතුළත දිළිඳු පවුල් සවිබල ගැන්වීමටයි. ඉන් පසුව 1995 වර්ෂයේ එම ව්‍යාපෘතිය සමෘද්ධි නමින් ක්‍රියාත්මක වූ අතර, 2013 අංක 1 දරන දිවිනැගුම පනත මඟින් දිවිනැගුම දෙපාර්තමේන්තුව බවට පත් විය. නැවත එම පනත සංශෝධනය කරමින් සමෘද්ධි දෙපාර්තමේන්තුව බවට පත්විය.
ප්‍රේමදාස ජනාධිපතිතුමා බලාපොරොත්තු වූ ආකාරයට අපේක්ෂිත අරමුණු සියයට 100ක් ඉටු කර ගැනීමට නොහැකි වී ඇත.
(ii) 2018 වර්ෂය සඳහා රුපියල් බිලියන 39.23ක (රු.39,238,795,641.00) මුදලක් වැය කර ඇත.
(iii) පවුල් 840,274ක් වේ. (2017 වර්ෂයේ දීපව්‍යාප්තව සිදු කරන ලද නව සමෘද්ධි සහනාධාර ඉල්ලුම්කරුවන් පිළිබඳ සමීක්ෂණයේ දත්තවලට අනුව)
(ආ) (i) කිසිසේත්ම නැත.
පසුගිය රජය මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා යොදාගත් ව්‍යාපෘතියක් බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කරමි.
(ii) මේ වසරේ සමෘද්ධි ලැබිය යුතු ඇත්ත දිළිඳු තැනැත්තන්ට සිංහල දමිළ අලුත් අවුරුද්දට පෙර සමෘද්ධිය ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම දීමනාව නිශ්චිත කාල පරිච්ජේදයකට සීමා කිරීමට බලාපොරොත්තු වන අතර, වසර 03ක් ඇතුළත ඔවුන්ව සවිබල ගැන්වීමට ව්‍යාපෘති 50,000ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
(iii) ඔව්, එය රටම දන්නා කරුණකි.
(iv) දේශපාලන බැඳීම්වලින් තොරව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ සවිබලගැන්වීම කර ගෙන යන ලෙසට දෙපාර්තමේන්තු නිලධාරින්ට මා විසින් දැනටමත් උපදෙස් ලබා දී ඇත.
(v) විගණනයට භාජන විය යුතුයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දයා ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks