පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
522/’19
ගරු විදුර වික්‍රමනායක මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හොරණ මැතිවරණ කොට්ඨාසයේ කිරි ගොවීන් විසින් සපයනු ලබන දියර කිරි සඳහා මිල්කෝ ආයතනය විසින් සෑම මාසයකම 01 දින සිට 15 දින දක්වා දිනයන් සඳහා ඊළඟ දින 06 තුළදීද, 16 වන දින සිට අවසාන දිනය දක්වා වූ දිනයන් සඳහා ඊළඟ මාසයේ මුල් දින 06 තුළදීද මුදල් ගෙවීම සිදු කළ බවත්;
(ii) නමුත්, පසුගිය මාස කිහිපයක සිට ගෙවීම් ප්‍රමාද වූ අතර 2018.05.01 සිට 2018.05.15 දින දක්වා කාලයට මැයි 31 දක්වාම ගෙවීම් කර නොමැති බවත්;
(iii) මෙම තත්ත්වය හේතුවෙන් කිරි ගොවීන්ට දෙනුන්ට අවශ්‍ය ආහාර සැපයීම, දෙනුන් මිලදී ගැනීමට ලබාගත් ණය මුදල්වල වාරික ගෙවීම සහ තම එදිනෙදා වියදම් සිදුකිරීමට හැකියාවක් ලැබී නොමැති බවත්;
(iv) කිරි නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් රටේ නිෂ්පාදනයටද බලපෑම් එල්ල වීමෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මෙම තත්ත්වය කිරි ගොවීන්ගේ ජීවිතවලට මෙන්ම, දේශීය කිරි නිෂ්පාදන ක්‍රියාවලිය අඩපන වීමට ද ප්‍රබල හේතුවක් විය හැකි බැවින්, පෙර පරිදි ක්‍රමානුකූලව ගෙවීම් සිදු කිරීම සඳහා පියවර ගන්නේ ද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-07
අසන ලද්දේ
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 2018 වර්ෂයේ මැයි මාසයේ ගෙවීම් ප්‍රමාද වී ඇත.
(iii) කිරි ගොවීන්ට යම් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වුවද, ඔවුන්ගේ ගැටලු අවම කිරීම සඳහා හැකි සෑම පියවරක්ම සමාගම විසින් ගෙන ඇත.
(iv) ගැටලු සහගත තත්ත්වය මේ වනවිට මඟ හැරී ඇත.
(ආ) මේ වනවිට පෙර පරිදි ක්‍රමානුකූලව මුදල් ගෙවීම ආරම්භ කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks