පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
510/’19
ගරු විමලවීර දිසානායක මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දැනට ක්‍රියාත්මකව පවතින හා විසුරුවා හැර ඇති පළාත් සභාවල මන්ත්‍රීවරයන්ගෙන් කොටසකට සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදී ඇති බවත්;
(ii) එහෙත්, දැනට ක්‍රියාත්මකව පවතින හා විසුරුවා හැර ඇති පළාත් සභාවල ධූර දරන හා නොදරන මන්ත්‍රීවරයන්ගෙන් කොටසකට එම බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබා දීමට පියවර ගෙන නොමැති බවත්;
(iii) මෙතෙක් මන්ත්‍රී ධූර දරන හෝ නොදරන හෝ මන්ත්‍රීවරයන්ගෙන් ඇතමෙකු වසර පහක අඛණ්ඩ ධූර කාලයක් දරා ඇති අතර එයින් වැඩි පිරිසක් මේ වන විට විසුරුවා හැර ඇති පළාත් සභාවල මන්ත්‍රීවරයන් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ අනුව, පළාත් සභා මන්ත්‍රීවරයන්ගෙන් කොටසකට සහනදායී බදු පදනම මත බලපත්‍ර ලබාදී තිබියදී, එම සුදුසුකම් සියල්ල සපුරා ඇති වෙනත් මන්ත්‍රීවරයන් පිරිසකට එම බලපත්‍ර ලබා නොදීම බරපතළ අසාධාරණයක් බව එතුමා පිළිගන්නේද;
(ii) එසේ නම්, එම වාහන ආනයන බලපත්‍ර මෙතෙක් හිමි නොවූ පළාත් සභා මන්ත්‍රීවරයන්ට එම බලපත්‍ර ලබාදීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-07
අසන ලද්දේ
ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(ආ) (i) ගරු මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද 2016 අය වැය යෝජනා අනුව සියලු මෝටර් රථ ආනයන බලපත්‍ර නිකුත් කිරීම 2015.11.20 දින සිට නවතන ලද බැවින් පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබා දීම සඳහා වූ පළාත් සභා හා පළාත් පාලන චක්‍රලේඛ අංක 01/2013 අවලංගු විය. එදිනෙන් පසුව එම චක්‍රලේඛය ප්‍රකාරව කිසිදු පළාත් සභා මන්ත්‍රීවරයකුට තීරු බදු සහන සහිත වාහන ලබා දී නැත.
(ii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-08-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks