01

E   |     |  

 දිනය: 2019-07-25   පිළිතුර ලබා දී ඇත 

0499/2019: "සිසුසැරිය" බස්රථ සේවාව: විස්තර

499/’19

ගරු ජයන්ත සමරවීර මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (​i)       2015.01.01 දින සිට 2018.06.30 දින දක්වා “සිසුසැරිය” බස් සේවාව සඳහා යොදවා තිබූ බස්රථ සංඛ්‍යාව හා ඒවා යොදවා ඇති මාර්ග ‍කවරේද;

             (​ii)       එකී මාර්ගවල ධාවනය කරනු ලබන පෞද්ගලික හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම පෞද්ගලික බස්රථ සඳහා ගෙවා ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) බස්රථ ධාවනය‍ සඳහා යොදවා ඇතැයි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මුදල් ලබාගෙන ඇති පුද්ගලයන් සිටී නම්, ඔවුන්ගේ නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-25

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       සිසුසැරිය ව්‍යාපෘතිය යටතේ 2015.01.01 දින සිට 2018.06.30 දින දක්වා ධාවනයට යොදවා ඇති බස් රථ සංඛ්‍යාව 1,349ක් වේ. එකී බස් රථ යොදවා ඇති මාර්ග ඇමුණුම 01 සහ 02හි අන්තර්ගත වේ.

                        (ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.)

              (ii)       එකී මාර්ගවල ධාවනය කරනු ලබන පෞද්ගලික හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.

 

වර්ෂය

පෞද්ගලික සේවා

ශ්‍රී ලංගම සේවා

මුළු සේවා සංඛ්‍යාව

2015

556

696

1,252

2016

557

671

1,228

2017

604

715

1,319

2018.06.30 දක්වා

626

723

1,349

(iii) පෞද්ගලික බස්රථ සඳහා ගෙවා ඇති මුදල වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.

වර්ෂය

මුදල (රුපියල් මිලියන)

2015

291.18

2016

272.33

2017

265.63

2018.06.30 දක්වා

89.17

(iv) 1. 2015 වර්ෂයට පෙර ධාවකයන් දෙදෙනෙක් -ඩබ්.ජී.ආර්.කේ. ධම්මික මහතා හා ආර්.එම්. රංජිත් මහතා- ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මුදල් ලබාගෙන තිබුණ අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ විමර්ශන කටයුතු සිදු වෙමින් පවතී. එම තොරතුරු අනාවරණ  වූ මොහොතේ සිටම ‍මුදල් ගෙවීම නවතා ඇත.

2. 2017 ජූලි මාසයේ එම්.ඒ.පී.ඩී. ධර්මසේන මහතා විසින් පවත්වාගෙන ගිය සේවා දෙකක් සඳහා ඉදිරිපත් කළ ලොග් පත්‍ර දෙකෙහි ව්‍යාජ අත්සන් යොදා තිබීම අනාවරණ  වීම හේතුවෙන් ගෙවීම් නවතා ඇත.

3. 2018 වර්ෂයේ මාර්තු මාසයේ දී, කොකාවැව සිට ගලෙන්බිදුනුවැව දක්වා සේවාව පවත්වාගෙන ගිය පී.ජී. සරත් චන්ද්‍රසිරි මහතාගේ සේවාවේ වැඩිපුර දුරකට මුදල් ලබාගෙන තිබුණු බැවින් එම දුර නිවැරැදි කර, වැඩිපුර ගෙවා ඇති මුදල නැවත අයකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබාගෙන ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-07-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks