පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
496/’19
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසෙන ජනතාව උග්‍ර ජල හිඟයෙන් පෙළෙන බව දන්නේද;
(ii) මෙම කොට්ඨාසයේ පිහිටා ඇති රාක්ෂාව, අසු පිනි ඇල්ල යන ජල පෝෂක ප්‍රදේශ තුළින් මා ඔය නිර්මාණය වී ඇති බව දන්නේද;
(iii) ඉහත ජල පෝෂක ප්‍රදේශ හරහා ගලා යන මා ඔය උපයෝගී කරගෙන අරනායක හා මාවනැල්ල වැනි මැතිවරණ කොට්ඨාසවල ජනතාවට ජලය ලබා දීමට කටයුතු කරන්නේද;
(iv) ජලය නොමැතිව පීඩා විඳින ගඟ ඉහල කෝරළේ ජනතාවට පළමුව ජලය ලබා දී අනෙකුත් කොට්ඨාසවලට ජලය ලබා දීම සාධාරණ නොවන්නේද;
(v) ගැටලුවක් ඇති කර නොගනිමින් ගඟ ඉහළ කෝරළේ ජනතාවටත් ජලය ලබාදී අරනායක හා මාවනැල්ල ජනතාවටද ජලය ලබා දීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-18
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් මාවනැල්ල, රඹුක්කන හා අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 135ක් ආවරණය වන පරිදි, හෙම්මාතගම ජල සම්පාදන යෝජනා ක්‍රමය සැලසුම් කර ඇත. මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමයට අවශ්‍ය ජලය, දිනකට ඝන මීටර 21,000ක් මාඔය අසුපිනි ඇල්ලට පහළ ස්ථානයක තුළුමුව ඉදි කර ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන අනුමැතිය අදාළ ආයතනවලින් මණ්ඩලයට ලැබී ඇත.
(iv) ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන මඟින් ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය වන පරිදි, ජල සම්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇති අතර, එහි ශක්‍යතා අධ්‍යයන කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.
(v) ඔව්.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks