පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
487/’19
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) එම එක් එක් පළාත් පාලන ආයතනයට අයත් වන ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව හා පවුල් සංඛ්‍යාව කොපමණද;
(iv) මහනුවර දිස්ත්‍රික්කය සඳහා අලුතින් ස්ථාපිත කිරීමට යෝජිතව ඇති පළාත් පාලන ආයතන කවරේද;
(v) මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බලගැන්වීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-11
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) පළාත් පාලන ආයතන 22යි.
(ii)
01. මහනුවර මහ නගර සභාව
02. ගම්පල නගර සභාව
03. නාවලපිටිය නගර සභාව
04. කඩුගන්නාව නගර සභාව
05. වත්තේගම නගර සභාව
06. අකුරණ ප්‍රාදේශීය සභාව
07. හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව
08. පූජාපිටිය ප්‍රාදේශීය සභාව
09. තුම්පනේ ප්‍රාදේශීය සභාව
10. ගඟවටකෝරලේ ප්‍රාදේශීය සභාව
11. පාතදුම්බර ප්‍රාදේශීය සභාව
12. උඩදුම්බර ප්‍රාදේශීය සභාව
13. පාතහේවාහැට ප්‍රාදේශීය සභාව
14. මිණිපේ ප්‍රාදේශීය සභාව
15. උඩුනුවර ප්‍රාදේශීය සභාව
16. පන්විල ප්‍රාදේශීය සභාව
17. උඩපළාත ප්‍රාදේශීය සභාව
18. කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව
19. ගඟඉහළ කෝරලේ ප්‍රාදේශීය සභාව
20. පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාව
21. යටිනුවර ප්‍රාදේශීය සභාව
22. මැදදුම්බර ප්‍රාදේශීය සභාව
(iii)
(iv) පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීම් සහ සංස්ථාපනය කිරීම් සඳහා ලද යෝජනා පිළිබඳ දිස්ත්‍රික් කමිටු මඟින් දැනට ඇගයීම් කටයුතු සිදු කරමින් පවතී. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්ගේ නිර්දේශය සහිතව දිස්ත්‍රික් කමිටු තුනම මෙම කාර්යයෙහි නිරතව ඇති අතර, මහනුවර දිස්ත්‍රික් වාර්තාව ලද පසුව මේ පිළිබඳව පිළිතුරු ලබා දීමට බලාපොරොත්තු වේ.
(v) මධ්‍යම පළාත් සභාවට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල පහත සඳහන් සංවර්ධන කටයුතු සඳහා 2018 වසරේ අමාත්‍යාංශය මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන පහතින් සඳහන් කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks