01

E   |     |  

 දිනය: 2019-03-08   පිළිතුර ලබා දී ඇත 

0486/2019: මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩාංගණ සංවර්ධනය : විස්තර

486/’19

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇති ක්‍රීඩාපිටි සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම ක්‍රීඩාපිටිවල නම් කවරේද;

            (iii)       2010 වර්ෂයේ සිට මේ දක්වා එම ක්‍රීඩාපිටි අතරින් සංවර්ධනය කරනු ලැබූ ක්‍රීඩාපිටි සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;

(iv) එම ක්‍රීඩාපිටි සංවර්ධනය සඳහා වැය කරනු ලැබූ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) එම ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පුද්ගලයන්ගේ හා ආයතනවල නම්, ලිපිනයන් හා දුරකථන අංක කවරේද;

(vi) මහනුවර දිස්ත්‍රික්කයේ සෙසු ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-08

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇති ක්‍රීඩා පිටි සංඛ්‍යාව 132කි.

(ii) එම ක්‍රීඩා පිටි 132හි නම් මෙම ලේඛනයේ සඳහන් කර තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඒවායේ නම් කියවන්න අවශ්‍යද?

පිළිතුරු දුන් දිනය

2019-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks