පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
474/’19
ගරු බිමල් රත්නායක මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ආයතන සංග්‍රහයේ 18:2:1 උප වගන්තියට අනුව රාජ්‍ය සේවයේ නියුතු නිලධාරිනියකට සෑම සජීවී දරු උපතක් සඳහාම රජයේ වැඩ කරන දින 84ක සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුවක් හිමි විය යුතු බවත්;
(ii) ආයතන සංග්‍රහයේ 18:3:1 උප වගන්තියට අනුව දරුවා රැකබලා ගැනීම පිණිස දින 84ක අඩ වැටුප් සහිත නිවාඩුවක් හිමිවිය යුතු බවත්;
(iii) ආයතන සංග්‍රහයේ 18:4:1 උප වගන්තියට අනුව අවශ්‍ය වන්නේ නම්, තවත් දින 84ක වැටුප් රහිත නිවාඩුවක් ලබාදිය හැකි බවත්;
(iv) ඉහත (i) යටතේ නිවාඩු ගණන් බැලීමේදී නිවාඩු කාලය තුළ ඇති සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු ඇතුළත් නොකළ යුතු බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එසේ වුවද, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලද උපාධිධාරි පුහුණු වැඩසටහන යටතේ බඳවාගත් නිලධාරිනියන්ට ලබාදී ඇති පත්වීම් ලිපිය අනුව ඔවුන්ට ලබාදෙනු ලබන්නේ සති 06ක ප්‍රසූත නිවාඩුවක් පමණක් බව පිළිගන්නේද;
(ii) මෙම නිලධාරිනියන්ට ආයතන සංග්‍රහය අනුව හිමි විය යුතු ප්‍රසූත නිවාඩු ලබාදීමට අවශ්‍ය පියවර ගන්නේද;
(iii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-07
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(iv) ඔව්.
(ආ) (i) ඔව්. ඔවුන්ගේ පත්වීම් ලිපිය අනුව ලබාදෙන සති 6ක නිවාඩු කාල සීමාවෙන් ඔබ්බට ලබා ගන්නා නිවාඩු සඳහා එක් දිනක නිවාඩුවට මාසික දීමනාවෙන් 1/30 බැගින් අඩු කරනු ලැබේ.
(ii) උපාධිධාරි අභ්‍යාසලාභි නිලධාරිනියන්ගේ ප්‍රසූත නිවාඩු සම්බන්ධයෙන් ඔවුන්ගේ පත්වීම් ලිපියෙහි සඳහන් විධිවිධානවලට පරිබාහිරව ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිවාඩු ලබා දීමේ හැකියාවක් නොමැත. කෙසේ වෙතත් ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ මත බඳවා ගත් උපාධිධාරි අභ්‍යාසලාභි නිලධාරිනියන්ට ඔවුන්ගේ පත්වීම් ලිපියෙහි සඳහන් ප්‍රසූත නිවාඩුවලින් පරිබාහිරව යම් යම් සහන ලබා දෙමින් අමාත්‍ය මණ්ඩල තීරණ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිකුත් කර ඇත.
උදාහරණ : 2013.02.14 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2013.
මම එම චක්‍රලේඛයේ කොටසක් කියවන්නම්.
I. මාස 09ක පුහුණු කාලයක් සපුරා ඇති උපාධිධාරි අභ්‍යාසලාභින්ට මසකට අනියම් නිවාඩු 02ක් හිමිවනවා. ඒක සාමාන්‍ය එකක්.
II. මාස 09ක පුහුණු කාලයක් සපුරා ඇති කාන්තා උපාධිධාරි අභ්‍යාසලාභින්ට දින 84ක සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාදීම.
(iii) අදාළ නොවේ.
(ඇ) (ආ) (ii) හි පිළිතුර අදාළ වේ.
පිළිතුරු දුන් දිනය
2019-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks