පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
472/’19
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රසායනික පොහොර භාවිතයෙන් ගොවීන් බැහැර කිරීම සඳහා ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිෂ්පාදනය කළ යුතු බව පිළිගන්නේද;
(ii) වර්ෂ 2014 සිට 2017 දක්වා නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම පොහොරවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසා තිබේ නම්, එය කවරේද;
(iv) මෙම පොහොර ප්‍රමිතියෙන් යුක්ත බව සහතික කරන ආයතන තිබේද;
(v) එසේ නම්, එම ආයතනවල නම් කවරේද;
(vi) ප්‍රමිති පරීක්ෂාව සඳහා වගකිවයුතු ආයතනයක් නොමැති නම්, එවැනි ආයතනයක් ඇති කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-23
අසන ලද්දේ
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) කාබනික පොහොර නිෂ්පාදනය කිරීම කුඩා පරිමාණයෙන් මෙන්ම මධ්‍යම පරිමාණයෙන්ද පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලැබේ. එහෙත්, 2014 සිට 2016 දක්වා එසේ නිෂ්පාදනය කරනු ලබන ප්‍රමාණවල වාර්තාගත කළ ලේඛන කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව නොමැත.
2017 වර්ෂයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිෂ්පාදනය කළ කාබනික පොහොර ප්‍රමාණය මෙට්‍රික්ටොන් 285කි.
(iii) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාකඳුර පිහිටි කාබනික ගොවිතැන සඳහා වූ විශිෂ්ටතා කේන්ද්‍රය -වර්තමානයේ මාකඳුර, තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය- මඟින් 2017 වර්ෂයේ සිට කාබනික පොහොර සාම්පල පරීක්ෂා කර පොහොර නිපදවන ආයතන සඳහා විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.
(iv) නැත.
(v) අදාළ නොවේ.
(vi) කාබනික පොහොර සහතිකකරණය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාකඳුරේ පිහිටි තිරසාර කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය මඟින් ක්‍රියාත්මක කිරීමට මූලික කටයුතු සම්පාදනය කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks