01

E   |     |  

 දිනය: 2019-03-14   පිළිතුර ලබා දී ඇත 

0462/2019: වි‍දේශ ගත වූ නිලධාරින්: වයඹ පළාත් සභාව

462/’19

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)           (i)       යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා වි‍දේශ ගත වූ වයඹ පළාත් සභාවේ නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එසේ විදේශ ගතවූ නිලධාරින්ගේ නම් සහ තනතුරු නාම කවරේද;

(iii) ඔවුන් විදේශගත වූ රටවල් කවරේද;

(iv) ඒ සඳහා වැයකරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) විදේශ  සංචාර සඳහා නිලධාරින් තෝරා ගැනීමේදී, වයඹ පළාත් සභාව අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-14

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා විදේශගත වූ වයඹ පළාත් සභාවේ නිලධාරින් සංඛ්‍යාව 873කි.

              (ii)      එසේ විදේශගත වූ නිලධාරින්ගේ නම් සහ තනතුරු ඇමුණුම් අංක 01** (i-xx)හි (A) තීරුව මඟින් දක්වා ඇත.

              (iii)      ඔවුන් විදේශගත වූ රටවල් ඇමුණුම් අංක 01** (i-xx)හි (B) තීරුව මඟින් දක්වා ඇත.

              (iv)      ඔව්. ඒ සඳහා වැය කරන ලද මුදල් වෙන් වෙන් වශයෙන් ඇමුණුම් අංක 02** මඟින් දක්වා ඇත.

(ආ)      ඔව්. විදේශ සංචාර සඳහා නිලධාරින් තෝරා ගැනීමේදී, වයඹ පළාත් සභාව අනුගමනය කරන ලද ක්‍රමවේදය ඇමුණුම් අංක 03** මඟින් දක්වා ඇත.

(ඇ) අදාළ ‍නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-08-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks