පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
461/’19
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2010 සිට අද දක්වා,
(i) වයඹ පළාත් සභාවට ආදායම් ලැබුණු මූලාශ්‍ර කවරේද;
(ii) වයඹ පළාත් සභාවේ ආදායම හා වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) වයඹ පළාත් සභාවේ වාර්ෂික පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) පුනරාවර්තන වියදම හා ප්‍රාග්ධන වියදම යටතේ මුදල් වැය කරනු ලැබූ ක්ෂේත්‍ර වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) යහපාලන රජයේ යහපත් මූල්‍ය කළමණාකරණ ප්‍රතිපත්ති අනුව වයඹ පළාත් සභාව මෙහෙයවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-13
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) වර්ෂ 2010 සිට අද දක්වා වයඹ පළාත් සභාවට ආදායම් ලැබුණු මූලාශ්‍ර අංක 01 ඇමුණුම* මඟින් දක්වා ඇත.
(ii) වයඹ පළාත් සභාවේ ආදායම් හා වියදම් එක් එක් වර්ෂ අනුව-
(iii) වයඹ පළාත් සභාවේ වාර්ෂික පුනරාවර්ථන හා ප්‍රාග්ධන වියදම-
(iv) ඔව්. වයඹ පළාත් සභාවේ වාර්ෂික පුනරාවර්ථන හා ප්‍රාග්ධන වියදම යටතේ මුදල් වෙන් කරනු ලැබූ ක්ෂේත්‍ර වෙන් වෙන් වශයෙන් ඇමුණුම් අංක 02 (i-iii) මඟින් දක්වා ඇත.
(ආ) වයඹ පළාත් සභාව මෙන්ම සියලුම පළාත් සභා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පිහිටුවා ඇති ව්‍යවස්ථාපිත ආයතනයන් වේ. මුදල් කොමිෂම නමැති ස්වාධීන ආයතනය විසින් ලබාදෙන නිර්දේශ මත වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කරන අතර, එම ප්‍රතිපාදනයන්ද ප්‍රදානයන් වශයෙන් ලබා දීම සිදු වේ. ඒ පිළිබඳව ප්‍රධාන ලේකම්වරයා ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා වශයෙන් කටයුතු කරන අතර, ඒ සඳහා කිසිදු මැදිහත්වීමක් මෙම අමාත්‍යාංශය සිදු නොකරයි.
එසේ වුවද, රේඛීය අමාත්‍යාංශයක් ලෙස මම අමාත්‍යාංශයට 1933/13 දරන 2015/09/12 දරන ගැසට් නිවේදනයෙන් පවරා ඇති වගකීම්, මෙහෙයවීම සිදු කරයි. ඊට අමතරව පළාත් සභා සඳහා විදේශ ගිවිසුම්වලට එළඹීමට බලයක් නොමැති අතර, ජාත්‍යන්තර ආයතන සමඟ සංවර්ධන ගවිසුම්වලට එළඹීමේදී පළාත් සභා වෙනුවෙන් එම ගිවිසුම් අත්සන් කර විදේශ ව්‍යාපෘති, පළාත් සභා සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කිරීම මෙම අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලබයි. එහිදී විදේශ ව්‍යාපෘතිවල මූල්‍ය වගකීම මෙම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දරන අතර, පසු විපරම් හා සම්බන්ධීකරණ කටයුතු ප්‍රධාන ලේකම්වරුන් මඟින් සිදු කරයි.
එමෙන්ම සෑම පළාත් සභාවක්ම පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවට කැඳවීමට බලය ඇති බැවින් එහිදී විගණන කටයුතු සම්බන්ධීකරණය හා පසුවිපරම් කටයුතු කිරීමද මෙම අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත්ව ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks