පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
459/’19
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මෑතකදී විසුරුවා හරින ලද වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා යටතේ පැවති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ වෙනත් ව්‍යවස්ථාපිත ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් ආයතනවල නම් හා ලිපිනයන් කවරේද;
(iii) යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව, වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා යටතේ පාලනය වූ ආයතන සඳහා බඳවාගනු ලැබූ සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) බඳවා ගනු ලැබූ සේවකයන්ගේ නම් හා බඳවාගත් තනතුරු වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;
(v) එසේ සේවකයන් බඳවා ගැනීමට පළාත් සභාව අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-08
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා යටතේ පවතින අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු, වෙනත් ව්‍යවස්ථාපිත ආයතන සංඛ්‍යව 11කි.
(ii) එම එක් එක් ආයතනවල නම් හා ලිපිනය පහතින් සඳහන් කර ඇත.
1. වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, නුවර පාර, කුරුණෑගල.
2. වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.
3. වයඹ පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.
4. වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.
5. වයඹ පළාත් පරිසර අධිකාරිය, දඹුල්ල පාර, කුරුණෑගල.
6. වයඹ සංවර්ධන අධිකාරිය, කුරුණෑගල.
7. මානව සම්පත් සංවර්ධන අධිකාරිය, කුරුණෑගල.
8. යන්ත්‍රෝපකරණ අධිකාරිය, කුරුණෑගල.
9. කර්මාන්ත සේවා කාර්යාංශය, නුවර පාර, කුරුණෑගල.
10. ජනකලා කේන්ද්‍රය, නුවර පාර, කුරුණෑගල.
11. පූර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරිය, මාලිගාව, කුරුණෑගල.
(iii) වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා යටතේ පාලනය වන ආයතන සඳහා බඳවා ගෙන ඇති සේවකයන් සංඛ්‍යාව 4,932කි.
(iv) ඔව්. මේ සමඟ අමුණා ඇති සංයුක්ත තැටියේ සම්පූර්ණ විස්තරය තිබෙනවා. එම සීඩී තැටිය ගරු මන්ත්‍රීතුමාට ලබා දෙන්න පුළුවන්.
පසුබිම් වාර්තාව
වයඹ පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා යටතේ පවතින අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් ව්‍යවස්ථාපිත ආයතන සංඛ්‍යාව 11කි. වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා යටතේ පාලනය වන ආයතන සඳහා බඳවා ගෙන ඇති මුළු සේවක සංඛ්‍යාව 4,932ක් වන අතර එයින් පළාත තුළ ලබා දුන් ගුරු පත්වීම් සංඛ්‍යාව 4,048ක් වේ. එසේ බඳවා ගෙන ඇති මුළු සේවකයන්ට පත්වීම් ලබා දුන් ආකාරය සඳහන් සංයුක්ත තැටිය ගරු මන්ත්‍රීතුමා වෙත ඉදිරිපත් කරනවා. එහි දීර්ඝ විස්තරයක් තිබෙනවා. ඔබතුමාට එය බලන්න පුළුවන්.
(v) ඔව්. මේ සමඟ අමුණා ඇති සංයුක්ත තැටියේ සම්පූර්ණ වාර්තාව තිබෙනවා. එම සංයුක්ත තැටි මම සභාගත* කරනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks