පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
452/’19
ගරු චන්දිම ගමගේ මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පදවිය නගරයේ සිට කහටගොල්ලෑව දක්වා (ප්‍රධාන මාර්ගයෙන් වම් පස පෙදෙස) වූ ප්‍රදේශය අභයභූමියක් ලෙස ගැසට් කර තිබුනද, මෙම ප්‍රදේශය තුළ පදවිය දිසා රෝහල, ගම්මාන, පන්සල් හා ප්‍රජා ශාලාව පිහිටා ඇති බවත්;
(ii) 1957 වර්ෂයේ සිට එම ප්‍රදේශය තුළ ජනතාව පදිංචි වී සිටින බවත්;
(iii) එහි පදිංචිකරුවන් කිහිප දෙනෙකු සතුව නීත්‍යානුකූල ඉඩම් බලපත්‍ර ඇති බවත්;
(iv) අනෙකුත් පදිංචිකරුවන් සඳහා ඉඩම් බලපත්‍ර ලබා ගැනීමට යෑමේදී වනජීවී කලාපයක් ලෙස නම් කර තිබීම ඊට බාධාවක් වී ඇති බවත්;
(v) මේ හේතුවෙන් පදවිය නගරය තුළ වර්ෂ ගණනාවක සිට පදිංචිව සිටින පුද්ගලයන් මහත් අපහසුතාවයකට ලක් වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉඩම් බලපත්‍ර නොමැතිව එම ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයන්ට බලපත්‍ර ලබාදීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-04-03
අසන ලද්දේ
ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) දනිමි.
(ii) දනිමි.
(iii) දනිමි.
(iv) දනිමි.
(v) දනිමි.
(ආ) (i) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අදාළ ඉඩම් නිදහස් කළ පසු බලපත්‍ර ලබා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි.
(ii) අදාළ නොවේ.
(ඇ) වනජීවී කලාපයෙන් නිදහස් කර නොතිබීම.
පිළිතුරු දුන් දිනය
2019-04-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks