පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
449/’19
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගමට ක්‍රීඩාව ගෙනයාමේ අරමුණෙන් ක්‍රීඩා අමාත්‍යාංශ අරමුදලින් රුපියල් මිලියන 350ක් වැය කර නාවලපිටිය, ජයතිලක ක්‍රීඩාංගණය පිහිනුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, ප්‍රේක්ෂකාගාරයක් හා ගෘහස්ථ බොක්සිං ක්‍රීඩාගාරයක් සහිත අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් ලෙස ඉදිකළ බව දන්නේද;
(ii) 2014 වර්ෂයේ අග භාගය වන තෙක් මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නාවලපිටිය නගර සභාව විසින් මනාව නඩත්තු කළ බව පිළිගන්නේද;
(iii) පසුගිය වර්ෂ තුනක කාලය තුළ මෙම ක්‍රීඩාංගණයේ නඩත්තුවක්, අලුත්වැඩියාවක් හෝ නිසි කළමනාකරණයක් නොතිබුණු බව පිළිගන්නේද;
(iv) අනෙකුත් මෙවැනි ක්‍රීඩාංගණ ක්‍රීඩා අමාත්‍යාංශයට පවරාගෙන නඩත්තු කරන ආකාරයට මෙම ක්‍රීඩාංගණය ද ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-06
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්. එවකට පැවැති නගර සභා පාලනය හා එක්ව ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ මෙම ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු කරගෙන ගොස් ඇත.
(iii) පිළිනොගනිමි. පසුගිය වසර 3ක කාලය තුළ ක්‍රීඩාංගණයේ නඩත්තුව අලුත්වැඩියාව මෙන්ම කළමනාකරණය ද ඉතාමත් ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන ගොස් ඇත.
(iv) මෙම ක්‍රීඩාංගණය නාවලපිටිය නගර සභාව මෙන්ම එකී බල ප්‍රදේශය ද සතු සම්පතක් වන අතර, එය නගර සභාව විසින් මනාව පවත්වාගෙන යනු ලබයි. මෙය අමාත්‍යාංශය වෙත පවරාගෙන නඩත්තු කටයුතු ඉටු කරන මෙන් නගර සභාව විසින් ඉල්ලීමක් සිදු කර නැත. නගර සභාවේ අධීක්ෂණය යටතේ මෙකී ක්‍රීඩාංගණය මනාව පවත්වාගෙන යන බැවින් එය අමාත්‍යාංශයට පවරා ගැනීමේ හේතුවක් ද නැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks