පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
442/’19
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, මඩකලපුව ඩිපෝ කළමනාකරු ලෙස සේවය කළ ඉංජිනේරු එම්. ක්‍රිෂ්ණරාජා මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට හේතු වූ කරුණු කවරේද;
(ii) 2016 ජූලි සිට ඔහු එම තනතුරෙන් ඉවත් කරන තෙක් ඩිපෝවේ මූල්‍ය හා පරිපාලන ප්‍රගතිය කවරේද;
(iii) ඔහු වෙනුවට පත්කර ඇති ඩිපෝ කළමනාකරුගේ නම සහ ඔහු නියෝජනය කරනු ලබන වෘත්තිය සමිතිය කවරේද;
(iv) ඩිපෝ කළමනාකාර තනතුර සඳහා ඉංජිනේරු ක්‍රිෂ්ණරාජා මහතාට වඩා දැනට පත්කර සිටින පුද්ගලයා සුදුසු වීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) මඩකලපුව ඩිපෝවේ පරිපාලන කටයුතු ජාතික සේවක සංගමයේ අවශ්‍යතාවය අනුව සිදුවන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-24
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) මඩකලපුව ඩිපෝ කළමනාකාර ලෙස සේවය කළ අවධියේ භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවූ බරපතළ විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධව චෝදනා ලබා ඇති බැවින් මූලික විනය නියෝගය මත අදාළ විනය පරීක්ෂණයට හා සාක්ෂිකරුවන්ට බාධාවක් නොවන පරිදි නැඟෙනහිර ප්‍රාදේශීය කාර්යාලයට ස්ථාන මාරු කර ඇත.
(ii) මෙම ඩිපෝ කළමනාකාර මහතා 2016 ජූලි මස සිට 2017 ඔක්තෝබර් මාසය දක්වා ඩිපෝ කළමනාකාර ලෙස සේවය කර ඇත. එම ඩිපෝවේ එම කාලය තුළ ලාභ අලාභ වාර්තාව හා මුදල් ප්‍රවාහ වාර්තාව පරිශීලනය කිරීමේදී ධාවනයට ලබා දුන් බස් රථ ප්‍රමාණය සියයට 90ක පමණ ප්‍රමාණයක් ධාවනය කර ඇති බව පෙනී යයි. තවද, අදාළ කාලය තුළ ක්ෂයවලට පෙරත්, ක්ෂයවලට පසුත් සෑම මසකම ලාභදායී තත්ත්වයක් පෙන්නුම් කරමින් ඩිපෝ මූල්‍ය කටයුතු සිදු කර ඇති බව පෙනී යයි. වියදම් සැලකිල්ලට ගැනීමේදී සමහර මාසවල යම් යම් විචලතාවක් දක්නට ලැබුණද එය සුළු මුදල් ප්‍රවාහ වාර්තාව සැලකිල්ලට ගැනීමේදී අදාළ කාලය තුළ ධන ශේෂයක් පවත්වා ගෙන ගොස් ඇත. එහෙත් බරපතළ විෂමාචාරයක් සම්බන්ධයෙන් චෝදනා ලබා විනය පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එම පරීක්ෂණයට බාධාවක් නොවන පරිදි නැඟෙනහිර ප්‍රාදේශීය කාර්යාලය වෙත ස්ථාන මාරු කර ඇත.
(iii) කාර්යය පැවරුමක් මත පත් කර ඇත්තේ නල්ලතම්බි තවේන්ද්‍රරාජා මහතාය. ඔහු නියෝජනය කරන වෘත්තීය සමිතිය ජාතික සේවක සංගමය වේ.
(iv) ඔව්.
හිටපු ඩිපෝ කළමනාකාර ඉංජිනේරු ක්‍රිෂ්ණරාජා මහතා විනය හේතුවක් මත තනතුරෙන් ඉවත් කර ඇති බැවින් ඩිපෝවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා තාවකාලිකව කාර්යය පැවරුමක් මත නල්ලතම්බි තවේන්ද්‍රරාජා මහතා පත් කර ඇත. මෙම නිලධාරි මහතාගේ පත්වීම් ලිපිය අනුව වසර 25ක සේවා පළපුරුද්ද හා අපොස (සා/පෙළ) විභාගය සමත් v ශ්‍රේණියේ විධායක නිලධාරිවරයෙකි.
(ආ) නැත.
මඩකලපුව ඩිපෝවේ පරිපාලන කටයුතු ජාතික සේවක සංගමයේ අවශ්‍යතාව මත සිදු නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-05-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අර්ජුන රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks