E   |     |  

 දිනය: 2019-06-07   පිළිතුර ලබා දී ඇත 

0435/2019: `සුවපති කිරුළ' පැළදීමේ උළෙල : වැය වූ මුදල

435/’19

ගරු බිමල් රත්නායක මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2018.07.31 දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාට ‘සුවපති කිරුළ’ පැළදීමේ උපහාර උළෙල සංවිධානය කරන ලද ආයතනය කවරේද;

(ii) එම උළෙල සඳහා වැය වූ සම්පූර්ණ මුදල කොපමණද;

(iii) එම වියදම දරන ලද  ආයතනය කවරේද;

(iv) අදාළ වියදම දරන ලද්දේ ආයතන කිහිපයක් විසින් නම්, එම එක් එක් ආයතනය ඉටුකළ කාර්ය හා වැය කළ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) එවැනි උළෙලක් සංවිධානය කිරීමේ අරමුණු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-07

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය.

              (ii)      රුපියල් 6,766,750.00 (හැටහත් ලක්ෂ හැට හයදහස් හත්සිය පනහක්)

             (iii)      ලෝක සෞඛ්‍ය සංවිධානය

                        ත්‍රිපෝෂ ලිමිටඩ්

                        ජාතික දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව

ලාෆ්ට්ස් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

වෘත්තිය සමිති

(iv)

අංක

ආයතන

මුදල රුපියල්

01

ලෝක සෞඛ්‍ය සංවිධානය

1,584,950.00

02

ත්‍රිපෝෂ ලිමිටඩ්

140,000.00

03

ජාතික දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය

1,000,000.00

04

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව

999,975.00

05

ලාෆ්ට්ස් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම

500,000.00

06

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

1,000,000.00

07

වෘත්තිය සමිති

1,541,825.00


(v) ලෝක සෞඛ්‍ය සංවිධානයේ 143 වන විධායක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ධුරයෙන් පිදුම් ලැබීම වෙනුවෙනි.

(ආ) පැන නොනඟි.

පිළිතුරු දුන් දිනය

2019-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks