පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
419/’19
ගරු ගාමිණී ලොකුගේ මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගනු ලැබූ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පන්නිපිටිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ජින්සරහේන වත්ත නමැති ඉඩමේ හා කොට්ටාව ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කුලහේනවත්ත නමැති ඉඩමේ වපසරිය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ඉඩම්වල පර්චසයක තක්සේරු වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මේ වනවිට මෙම ඉඩම් නිවාස ඉදිකිරීම් සඳහා පෞද්ගලික සමාගමකට හෝ ආයතනයකට විකුණා තිබේද;
(iv) එසේ නම්, එම ඉඩම්වල පර්චසයක විකුණුම් මිල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) මෙම ඉඩම් පෞද්ගලික අංශයට විකිණීමේදී වෙළෙදපොළ වටිනාකම පිළිබඳව සැලකිලිමත් වී තිබේද;
(vi) මෙම ඉඩම්වල ඉදිකරනු ලබන නිවාස විකුණනු ලබන මිල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-06
අසන ලද්දේ
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) උක්ත ප්‍රශ්නය මඟින් විමසා ඇති ජින්සරහේන වත්ත යන ඉඩම ජින්ජර්හේනවත්ත ලෙසත් කුලහේනවත්ත යන ඉඩම කුලසෙවණවත්ත ලෙසත් නිවැරදි විය යුතුය.
ජින්ජර්හේනවත්ත (පන්නිපිටිය වීර මාවත) -අක්කර 07 රූඩ් 03 පර්චස් 27.04
කොට්ටාව කුලසෙවණවත්ත - අක්කර 05 පර්චස් 12.52
(ii)
(iii) නැත.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉඩමේ සංවර්ධන කටයුතු සිදු කරන අතර "සතුට බිල්ඩස්" කොන්ත්‍රාත් සමාගම විසින් නිවාස ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(vi) කොට්ටාව කුලසෙවණවත්ත -මිල ගණන් තීරණය කර නොමැත.
පන්නිපිටිය වීර මාවත - වර්ග අඩි 750ක නිවසක් රුපියල් මිලියන 10.5 මුදලකටත්, වර්ග අඩි 950ක නිවසක් රුපියල් මිලියන 13.3 මුදලකටත් වර්ග අඩි 1050ක නිවසක් රුපියල් මිලියන 14.7ක මුදලකටත් විකිණීමට තක්සේරු කොට ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks